The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

advertise

ලසිත දුමින්ද
 
 සිලාවතුර, කායක්‌කුලි ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක්‌ නාවික හමුදාවේ මැරීන් බළකාය මගින් පෙරේදා (11 වැනිදා) සොයාගෙන ඇත.
 
 සුරක්‍ෂිත ලෙස අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 365 ක්‌ මෙසේ සොයාගෙන ඇතැයි නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්‌ඩාර 'දිවයින'ට පැවසීය.
 
 මෙසේ සොයාගත් ගංජා තොගය එම ස්‌ථානයෙන් වෙනත් ස්‌ථානයකට රැගෙන යැමට සූදානම් කර තිබූ බවට මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.
 
 නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්‌ත මැරීන් බළකායේ භට පිරිසක්‌ විසින් සිලාවතුර පොලිසිය සහ මන්නාරම මත්ද්‍රව්‍ය නාශක අංශයේ ද සහාය ඇතිව මේවා සොයාගෙන තිබේ.
 
 මෙලෙස සොයාගත් ගංජා තොගය වැඩිදුර පරීක්‍ෂණ සඳහා සිලාවතුර පොලිසියට භාරදී ඇත.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

arajuna250

නවලිය

navaa250

දියග

irane250

මීවිත

imaya

More Articles