The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 S

advertise

අමරනන්ද විඡේසේකර - මහවැව
 
 ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුතා ඉකුත් 10 වැනි දින නවගත්තේගම නගරයේදී තරුණයකුට පහරදීම හේතුවෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව සැකකරු ආණමඩුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. ලක්‌ෂ 02 ක ශරීර ඇප මත මුදාහැරීමට ආණමඩුව මහෙස්‌ත්‍රාත් ජනනි එස්‌. විඡේතුංග මහත්මිය නියම කළාය.
 
 මෙම සිද්ධියට සම්බන්ධ තවත් තරුණයකුට මෙම නියෝගය ලබා දෙන ලදී. මෙසේ ඇප මත අධිකරණය විසින් මුදා හැර ඇත්තේ නවගත්තේගම පදිංචි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුතා වන අයේෂ් ශානක කුමාර සහ තරංග මධුශංක යන දෙදෙනෙකි.
 
 මෙම සිද්ධියෙන් පහරකෑමට ලක්‌වූ නවගත්තේගම පදිංචිකරුවකු වන ඩබ්. එම්. බුද්ධික ශාලිත බණ්‌ඩාර සුබසිංහ (අවු. 19) නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
 
 මීට පෙර ආනන්ද සරත් කුමාර මහතා නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයේ ගුරුවරියක දණ ගැස්‌සීම සම්බන්ධව අධිකරණයේ පෙනී සිටි අයෙකි.

 

ප්‍රාදේශීය පුවත්

sikuru

සිනමා කලා

arajuna250

නවලිය

navaa250

දියග

irane250

මීවිත

imaya

More Articles