Divaina - රිෂාඞ්ලාගේ පාරේ යන දේශපාලකයින්ට එරෙහිව සිටගත් දේවානිට සියලූම ජීවීන්ගේ ගෞරවය හිමිවිය යුතුයි...

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

විල්පත්තුව විනාශ කළ රිෂාඞ්ට තවමත් ද`ඩුවම් නෑ
 
 සුජීව තත්සර
 
 pahiyangala135
හිටපු ඇමැති රිෂාඞ් බදුයුදීන් මහතා එදා තම දේශපාලන බලය අනිසි ලෙස පාවිච්චි කරමින් රාජ්‍ය නිලධාරීන් අයථා කටයුතු වෙනුවෙන් යොදා ගනිමින් සිදු කළ විල්පත්තු මහා වන සංහාරයට මේ දක්වා නීතිය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවීම හුස්ම ගන්නා ජනතාවකට කළ මහා අසාධාරණයක් යැයි සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ ‘දිවයිනට’ ඊයේ (14දා* ප‍්‍රකාශ කළහ.
 
 වර්තමානයේදී ද එවන් විනාශයන් කිරීමට යත්න දරන වගකීම් විරහිත දේශපාලකයින්ට පරිසරයක වටිනාකමත් ඒ හා සබැඳි නීතියත් කියා දෙමින් ඒවා කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් නිර්භයව පෙනී සිටින ගම්පහ වනජීවි නිලධාරිනි දේවානි ජයතිලක වැනි මහත්මීන්ට හුස්ම ගන්නා සියලූ ජීවීන්ගේ ගෞරවය හිමි වන බවද හිමියෝ සඳහන් කළහ.
 
 හිටපු ඇමැති රිෂාඞ් බදුයුදීන් මහතා එදා වව්නියාව දිසාපති, ප‍්‍රාදේශීය ලේකම්, ග‍්‍රාම නිලධාරීන් සහ වනජීවී නිලධාරින් තම දේශපාලන බලය යොදා ගනිමින් ඔවුන්ව අයුතු ලෙස පාවිච්චි කරමින් කළ විල්පත්තු මහා වන විනාශයට ඉදිරියේදී ද`ඩුවම් විදීමට සිදුවූවත් එහිදී එම ද`ඩුවම් ලැබීමේ වැඩි ප‍්‍රවණතාවයක් ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ට බව අමතක නොකළ යුතු බවද ආනන්ද සාගර හිමියෝ කියා සිටියහ.
 
 රටකට ඕනෑම විනාශයක් කර දේශපාලකයා වසර කිහිපයකින් ඉවත්ව ගියත් ඔහුගේ නිල කාල සීමාවන්හීදී රාජ්‍ය නිලධාරීන් යොදා ගනිමින් සිදු කළ නීති විරෝධී කි‍්‍රයාවන් සියල්ලට වැඩි වගකීමක් දරන්නට සිදු වන්නේ රාජ්‍ය නිලධාරීන් නිසාවෙන් ඔවුන් තම රාජකාරියේදී දේවානි ජයතිලක කෙනෙකු විය හැකි නම් අප ඉදිරියේ වඩාත් විනයගරුක සහ නීතිගරුක රටක් නිර්මාණයවීම වැළැක්විය නොහැක්කක් යැයි ද උන්වහන්සේ පැවසූහ.
 
 අද පහත්බිම් පිළිබදව දිගු නින්දකින් පසුව අවදිවූවා සේ කතා කරන ඉකුත් යහපාලන නඩයේ පිරිස් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙගා පොලිස් හරහා ගම්පහ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක සිදු කළ පරිසර විනාශයන් වෙනුවෙන් එදා සිටි නිලධාරීන් නීතිය කි‍්‍රයාත්මක කිරීම වෙනුවෙන් හ`ඩක් නොනැ`ගීම ජාතියේ අවාසනාවක් බවද සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles