Divaina - නිලධාරීන්ගෙන් ‘මුංඇට’ යෝජනාවට ගොවීන්ගේ දැඩි විරෝධය... හූ හඬ අස්‌සේ තේත් නොබී නිලධාරීහු පිටවයති

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

මත්තල - දිලීප් එන්. ජයසේකර
 
mun
 මුං ඇට වගා කිරීමට නොව වී වගා කිරීමට වතුර දෙන්නැයි ලූණුගම්වෙහෙර දකුණු ඉවුර කන්න රැස්වීමේදී ගොවීන් කළ ඉල්ලීමට ඊට සහභාගි වී සිටි නිලධාරින් අකමැති වීම නිසා කෝපයට පත් ගොවීන් නිලධාරීන්ට හූ කියමින් දැඩි විරෝධතාවයක් දැක්වූහ.
 
 2020 වසරට අදාළව පැවති කන්න රැස්වීම ලූණුගම්වෙහෙර ප‍්‍රාදේශීය ලේකම් අයි. එල්. වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් වීරවිල මහා විද්‍යාලයේදී පසුගිය දින පැවැත්විණි.
 
 ගොවීන්ගේ යෝජනාවට නිලධාරින් අකමැතිවීම නිසා කන්න රැුස්වීම එකඟතාවකින් තොරවම අවසන් කිරීමට ප‍්‍රාදේශීය ලේකම්වරයාට සිදුවිය.
 
 ”මුං ඇට යල කන්න රැස්වීම’’ මැයෙන් දැන්වීම් අලවා මෙම රැුස්වීම කැඳවා තිබිණි.
 
 මෙහිදි රැුස්වීම අමතමින් පැමිණ සිටි නිලධාරීන් මෙවර යල කන්නය සඳහා මුං ඇට වගා කිරීමට පියවර ගත යුතු බවත් ඒ තුළින් වැඩි ලාභයක් ලබාගත හැකි බවටත් අදහස් ප‍්‍රකාශ කර තිබේ.
 
 නිලධාරීන්ගේ මෙම යෝජනාවට විරුද්ධ වු ගොවීන් කන්න රැස්වීමේදී පැවසුවේ මුං ඇට වගා කිරීමට නොව සාර්ථක යල් කන්නයක් මෙවර ගොවීන් අභිමුව ඇති හෙයින් හා දැනට ලූණුගම්වෙහෙර ජලාශයේද හොඳ ජල මට්ටමක් ඇති නිසාත් දැනට කුඹුරු සඳහා වතුර ලබා දී
 
 අගෝස්තු මාසය ආරම්භයේදී මුං ඇට වගා කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම නුවණට හුරු බවය.
 
 ගොවීන් පිරිස නිලධාරින්ට හූ හඬ නගද්දී පිරිස ඇමතු ලූණුගම්වෙහෙර ප‍්‍රාදේශීය ලේකම් අයි. එල්. වික‍්‍රමනායක මහතා :
 
 මුං ඇට වගාව පිළිබඳව ඇති වාසි පහදා දෙන්නට විය. එහිදී එම කතාවටද බාධා කළ ගොවීන් පැවසුවේ ”ඔබතුමා දන්නේ කන්න විතරයි. අපියි ගොවියෝ. අපියි වගා කරන්නේ. ඒ ගැන දන්නේ අපියි’’ යනුවෙන් හඬ නඟමින් ප‍්‍රකාශ කළේය.
 
 එහිදී ගොවින් වැඩිදුරටත් කන්න රැස්වීම සඳහා පැමිණ සිටි නිලධාරීන්ට පෙන්වා දී ඇත්තේ රටේ දැඩි සහල් හිඟයක් පවා පවතින මොහොතක වී වගාවට මේ තරම් අකුල් හෙළන්නේ කාගේ බලපෑමක් ඇතිවද යන්නය.
 
 කෙසේ නමුත් නිලධාරීන් මුං ඇට වගාවට ගෙනා යෝජනාව එක හෙළාම ප‍්‍රතික්ෂේප කළ ගොවීන් පැවසුවේ මෙවර මුං ඇට වෙනුවට වී වගාව සිදු කළ යුතු බවත් ඒ සඳහා වතුර ලබා දෙන ලෙසත්ය. කන්න රැුස්වීමේ පැවති උණුසුම් තත්වයත් සමගින් ගොවීන්ගේ හූ හඬ මධ්‍යයේ නිලධාරීන් ඉන් පිටව ගියේ ඔවුන් වෙනුවෙන් සකස් කර තිබු තේ පැන් සංග‍්‍රහයද භුක්ති නොවිදිමිනි. කන්න රැුස්වීමද කිසිඳු එකඟතාවකින් තොරව අවසන් කෙරිණි.
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles