Divaina - යාපන විශ්වවිද්‍යාලයේ නවක වධය.. දුරකතනවල සියලූම දත්ත මකා දැම්මත් ඔවුන්ගේ දුරකතන වලින් යෑවූ ඡායාරූප වීඩියෝ සොයාගෙන.... සිව්දෙනෙක් දැලේ..!

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 
 දිනසේන රතුගමගේ
 
 

jaffna334

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ දී අමානුෂික හා අසභ්‍ය අන්දමට නවක වධය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් සිව්දෙනකු යාපනය පොලිසිය විසින් පෙරේදා (12 දා* අත් අඩංගුවට ගෙන තිබේ.
 
 යාපනය පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් පසුව ඔවුන්අත්අඩංගුවට ගෙන ඇති අතර නවක සිසුන්ට අසභ්‍ය ක‍්‍රියාකාරකම් කරමින් ඒවා ඡායාරූප ගතකොට දර්ශන ලබාගත් ජංගම දුරකථනද අත්අඩංගුවට ගෙන ඇත.
 
 සිසුන් ඔවුන්ගේ ජංගම දුරකතනවල සියලූම දත්ත මකා දැමීමට පියවර ගෙන ඇතත්, ඔවුන්ගේ දුරකතන වලින් වෙනත් අයට යවන ලද ඡායාරූප හා වීඩියෝ සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇත.
 
 සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත බාර දී තිබේ.
 
 මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන යාපනය විශ්වවිද්‍යාලය මේ වනවිට සිසුන් අට දෙනකුගේ පන්ති තහනම් කොට ඇති අතර ජ්‍යෙෂ්ඨ සිසුන්ට යාපනය විශ්වවිද්‍යාලය හා කිළිනොච්චි මණ්ඩපය තහනම් ප‍්‍රදේශ බවට ප‍්‍රකාශයට පත්කොට තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles