Divaina - යාපනයේ අවන්හලකින් ගත්ත කෑම එකේ කැරපොත්තෙක්.... පාරිභෝගිකයන් හා අවන්හල් හිමියා අතර ගුටිබැට හුවමාරුවක්

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

දිනසේන රතුගමගේ
 
kara500යාපනය නගරයේ ප‍්‍රසිද්ධ අවන්හලකින් ඇණවුම් කළ දිවා ආහාරයේ කැරපොත්තකු සිටීම නිසා පාරිභෝගිකයින් හා අවන්හල් හිමියා අතර 9 වැනිදා දහවල් ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.
 
 පාරිභෝගිකයින් පිරිස අවන්හල් හිමියා ඇදගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවීමට යෑමට උත්සහ කිරීමත් සමගම දැඩි නොසන්සුන් තත්ත්වයක් අවන්හලේ ඇති වී තිබේ.
 
 අවන්හලට පැමිණි පාරිභෝගිකයින් පිරිසට අවන්හලේ සේවකයින් පහර දීමට සූදානම් වූ අවස්ථාවේදී නගරයේ සිටි පිරිසක් අවන්හලේ සේවකයින්ට පහර දී ඇති අතර ඔවුන් සියලූ‍ දෙනාම අවන් හල අතහැර පැන දුව තිබේ.
 
 පාරිභෝගිකයින් ද අවන්හල් හිමියාට හොඳටම පහර දී අවන් හලෙන් පිටව ගොස් තිබේ.
 
 මීට මාස අටකට ඉහතදී උතුරු පළාත් සභාව විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වූයේ ශ‍්‍රී ලංකාවේ දී ඉතා අපිරිසිදු ආකාරයට ආහාර පිසිනු ලබන එකම නගරය යාපනය නගරය බවයි.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles