Divaina - දැරියකගේ ළමා කාලය සොරකම් කළ දෙදෙනාට සිරදඬුවම්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020

රත්නපුර විශේෂ - තිලකසිරි දැල බණ්‌ඩාර
 
girlsdd

පෙර පාසල් අධ්‍යාපනය අවසන්කර පාසලකට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් සිටි 6 හැවිරිදි දැරියකට ලිංගික අතවර සහ බරපතළ ලිංගික අපයෝජනයන් සිදුකළ කුඩා දරුවන් සිටින පියවරු දෙදෙනකු බරපතළ වැඩ ඇතිව වසර 16 සහ 12 බැගින් සිරදඬුවම් ද ඊට අමතරව දඩ සහ වින්දිත දැරියට ගෙවන වන්දියකටද යටත් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.
 
 බලන්ගොඩ පදිංචි දෙදෙනෙක්‌ සහ උඩවෙල දිසානායකගේ අසේල විරාඡ් එම විත්තිකරුවෝ වූහ. 2015 ජනවාරි මස 09 වන දින බළන්ගොඩදී 6 හැවිරිදි දැරියකට ලිංගික අතවර සහ බරපතළ ලිංගික අපයෝජන සිදුකළේ යෑයි යන අධිචෝදනා 3 ක්‌ මත විත්තිකරුවන්ට රත්නපුර මහාධිකරණය හමුවේ නීතිපතිවරයා නඩු පවරා තිබිණි. පූර්ණ නඩු විභාගයකින් පසුව විත්තිකරුවන් චෝදනා සියල්ලටම වරදකරුවන් බවට විනිසුරුවරයා තීන්දු කළේය.
 
 විත්තිකරුවන්ට දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය ඇමැතූ පැමිණිල්ලේ රජයේ අධිනීතිඥ කේ.වී. ඉන්දිකා මහත්මිය මේ වනවිට දැරිය ඉතාම නිශ්ශබ්දයි. ඇය පාසලේ කිසිවකු සමග කතා කරන්නේවත් සෙල්ලම් කරන්නේවත් නැහැ. ඒ අනිවාර්යයෙන්ම ඇය මුහුණ දුන් පීඩාව නිසා විය හැකියි. සිදුවුණේ මොකක්‌ද කියා වැටහීමක්‌ නැති නිසා ඇයට එසේ වූවා විය හැකියි. සිදුවූ අවාසනාවන්ත සිදුවීම ගැන දැනටමත් අධිකරණය ඉදිරියේ විසඳීමට ඇති නඩු ප්‍රමාණය කොතෙක්‌ දැයි සලකා බලා දිය හැකි උපරිම දඬුවම විත්තිකකරුවන්ට නියම කරන්නැයි රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
 
 විත්තිකරුවන්ට දඬුවම් නියම කරන අවස්‌ථාවේ විනිසුරුවරයා අධිකරණය අමතමින් පාසලට ඇතුළුවීමට ඔන්න මෙන්න කියා සිටි කුඩා දැරියක ඇගේ තාත්තා වැන්නෙකු විසින් අපයෝජනය කිරීම ඉතාමත් බරපතළ වරදක්‌. කෙළිදෙළෙන් ගතකළ යුතු ළමා කාලය චූදිතයන් දෙදෙනකු සොරකම් කරලා. එහි බරපතළ භාවය කෙතෙක්‌ද යත් දැරිය අදටත් කතා කිරීමට බැරි පසුගාමී තත්ත්වයකයි පසුවන්නේ.
 
 1 වන විත්තිකරු 1 වැනි චෝදනාවට වසර 4 බරපතළ වැඩ ඇති සිරදඬුවම්ද රුපියල් 15000 ක දඩයක්‌ද නියම වූ අතර ඔහු දැරියට රුපියල් ලක්‌ෂයක වන්දියක්‌ද ගෙවිය යුතුය. 2 වන චෝදනාවට වසර 12 ක බරපතළ සිරදඬුවම්ද රුපියල් 15000 ක දඩයක්‌ද දැරියට රුපියල් ලක්‌ෂ 1 ක වන්දියක්‌ ගෙවිය යුතුය.
 
 2 වන විත්තිකරුට 1 වන චෝදනාවට අවුරුදු 12 ක බරපතළ වැඩ ඇති සිරදඬුවම් ද රුපියල් 25000 ක දඩයක්‌ ද පැනවූ අතර ඔහු ලක්‌ෂයක මුදලක්‌ 1ක වන්දියක්‌ වින්දිත දැරියට ගෙවිය යුතුවේ. 1 වන විත්තිකරුට පනවා ඇති සිරදඬුවම් එකවර ගෙවිය යුතු බවටද නියෝග කෙරිණි.

දැරියකගේ ළමා කාලය 
සොරකම් කළ දෙදෙනාට සිරදඬුවම් 
 
sikuru

අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles