Divaina - දෙවියන්ගේ පිහිට පැතූ කාන්තාවට කළ ගුරුකම වැරැදී කපුවා කපෝති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


 
 කන්දකැටිය - ජී. චතුරංග
 
 ගුරුකමක්‌ සිදුකර තමන් අත්හැර දමා ගිය සැමියා යළි ගෙන්වා ගැනීම සඳහා ගිරාඳුරුකෝට්‌ට ප්‍රදේශයේ පිහිටි දේවාලයකට පැමිණි වයස අවුරුදු 27 ක විවාහක කාන්තාවකගෙන් රුපියල් 20,000 ක මුදලක්‌ වංචා කොට ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ කපුවෙකු පෙරේදා (23 දා) උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාඳුරුකෝට්‌ට පොලිසිය පවසයි.
 
 ගිරාඳුරුකෝට්‌ට අලුත්තරම ප්‍රදේශයේ පිහිටි මෙම සැකකාර කපුවාට අයත් දේවාලය වෙත පැමිණි ඇය සිද්ධිය කපුවාට විස්‌තර කර සිය සැමියා ගෙන්වා දෙන්නැයි ඉල්ලා ඇත්තේ ඒ වෙනුවෙන් යන වියදමද දැරීමට හැකි යෑයි පවසමිනි.
 
 මෙහිදී විස්‌තර විමසූ කපුවා වෙන්ව ගිය සැමියා යළි ගෙන්වා දිය හැකි බව පවසා ඒ සඳහා අවශ්‍ය මූලික වියදම් බව පවසමින් කාන්තාවල් ගෙන් රුපියල් 20,000 ක මුදලක්‌ද ලබාගෙන ඇත.
 
 අනතුරුව ගුරුකමක්‌ කළ යුතු බව පවසමින් කපුවා මෙම කාන්තාවට තනිවම පැමිණෙන ලෙස පවසා ඇය ත්‍රීවීල් රථයකින් කිසියම් ස්‌ථානයක්‌ කරා රැගෙන යැමට තැත් කර ඇත. ගමන අතරතුරදී තඹ තහඩුවක්‌ පෙන්වා ඇයට අයුතු යෝජනාවක්‌ කළ කපුවා ඇය එය ප්‍රතික්‍ෂේප කිරීමත් සමග ඇයව ප්‍රදේශයේ ලැගුම්හලක්‌ වෙත රැගෙන යැමට උත්සාහ දරා ඇත. එහෙත් එම අවස්‌ථාවේදී ත්‍රීවීල් රථයෙන් පැන දිව ගිය කාන්තාව පසුදින යළිත් සිය ඥතීන් ද කැටුව කපුවාගේ නිවෙස වෙත පැමිණ ඇත. කපුවා විසින් ලබාගත් රුපියල් 20,000 දීම කපුවා විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසා සිද්ධිය සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්‌ටේ පොලිසියට පැමිණිලි කිරීමට පියවරගෙන ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ගිරාඳුරුකෝට්‌ට පොලිසිය අලුත්තරම ප්‍රදේශයේදී සැකකාර කපුවා අත්අඩංගුවට ගෙන ඇත. ගිරාඳුරුකෝට්‌ටේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජනක විතානච්චි මහතාගේ උපදෙස්‌ මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles