Divaina - අවුරුදු නවයේ දැරිය දූෂණය කළ සුළුපියාට වසර 45 ක සිරදඬුවම්

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta


 
 රත්නපුර විශේෂ - තිලකසිරි දැලබණ්‌ඩාර
 
 අවුරුදු 9 ක්‌ වයසැති කුඩා දැරියක්‌ වසරක්‌ තිස්‌සේ දූෂණය කළ පුද්ගලයකු වසර 45 ක සිරදඬුවමකට, රුපියල් 75,000 ක දඩයකට සහ හය ලක්‍ෂයක වන්දි ගෙවීමකට යටත් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 23 දා නියෝග කළේය.
 
 විත්තිකරු වින්දිත දැරියගේ මවගේ අනියම් සැමියා විය. දැරිය තුන් හැවිරිදි වියේ පසුවෙද්දී ඇගේ පියා ඇයත් මවත් අතහැර ගොස්‌ තිබූ අතර ඒ අතරතුර මව මෙම විත්තිකරු සමග ජීවත්වී ඇත. දැරිය තාත්තා යෑයි පවසා ඇත්තේ මෙම විත්තිකරුටය.
 
 වර්ෂ 2000 ක්‌ වූ ඔක්‌තෝබර් මස 01 වැනි දිනත් 2001 ඔක්‌තෝබර් මස 01 වැනි දිනත් අතර කාලයේදී වරින් වර වයස 9 ක දැරියක්‌ දූෂණය කළේ යෑයි යනුවෙන් විත්තිකරු රත්නපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 3 ක්‌ ලැබ සිටියේය. 2018 වසරේ විත්තිකරුට අධි චෝදනා භාරදී තිබිණි. අධි චෝදනා භාරදුන් දිනයේ සිටම ඔහු මේ දක්‌වාම අධිකරණය ම`ගහැර සිටියේය. දිගින් දිගටම වරෙන්තු නිකුත් කිරීම මත විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. වින්දිත 9 හැවිරිදි දැරිය අධිකරණය හමුවේ සාක්‍ෂි දෙන අවස්‌ථාවේ ඇය 27 හැවිරිදි විවාහක කතක්‌ව සිටි අතර සිද්ධිය වී වසර 20 ක්‌ ගතවී තිබිණි. තරුණිය මුල් දිනයේ අධිකරණය හමුවේ සාක්‍ෂි දීමෙන් පසු වැඩිදුර සාක්‍ෂි ලබා ගැනීම සඳහා නඩුව පසු දිනට කල් තබන ලදී. එදින නඩුව කැඳවූ අවස්‌ථාවේ විත්තිකරු තම නීතිඥයා මගින් ඉදිරිපත් වී තම චෝදනා තුනටම වැරදිකරු බව පවසා වරද පිළිගැනීමට අධිකරණයේ අවසරය අයෑද සිටියේය. ඒ අනුව විනිසුරු විත්තිකරු වැරදිකරු කර දඬුවම් නියම කළේය.
 
 1, 2, 3 වැනි චෝදනාවලට බරපතළ වැඩ ඇතිව වසර 15 ක්‌ බැගින් වසර 45 ක සිරදඬුවමක්‌ නියම කෙරිණි. ඊට අමතරව රුපියල් 25,000 බැගින් 75,000 ක දඩයකි. දඩය නොගෙවන්නේ නම් වසර 1 බැගින් සාමාන්‍ය සිර දඬුවමකි. ඊටත් අමතරව රුපියල් ලක්‍ෂ 2 බැගින් හය ලක්‍ෂයක වන්දියක්‌ විත්තිකරු වින්දිත තරුණියට ගෙවිය යුතුය. එම වන්දිය නොගෙවන්නේ නම් බරපතළ වැඩ ඇතිව වසර 1 බැගින් වූ සිරදඬුවමකට විත්තිකරු යටත්වේ. විත්තිකරුට නියම කළ 45 අවුරුදු සිරදඬුවම එකවර ගෙවීයා යුතුවේ. දඩ නොගෙවීම මත ඔහුට නියම වූ සිරදඬුවම් වෙන්වෙන්ව ගෙවීයා යුතුවේ. රජයේ අධි නීතිඥ ඉරෝමා නානායක්‌කාර මහත්මිය නඩුවේ පැමිණිල්ල මෙහෙය වූවාය.
 

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles