Divaina - විශේෂ පෑනකින් චෙක්‌පත් වෙනස්‌ කර මුදල් ගැරූ කොට්‌ට වෙළෙන්දා රිමාන්ඩ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

adv2020


 
 විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
 
 විශේෂ පෑනකින් චෙක්‌පත් ලියා ඒවා මකා වෙනස්‌ කොට ලක්‍ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන ළමා ඇඳුම් සහ කොට්‌ට වෙළෙන්දකු ජනවාරි මස 30 දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළ කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා එදින ඔහු හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසද නියම කළේය.
 
 මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම වූයේ මහර කඩවත රාගම පදිංචිකරුවකු වූ කොස්‌සින්නල විතානගේ වංශතිලක නම් වූ අයෙකි.
 
 මොහු තම වෙළෙඳසල්වලට පැමිණ ළමා ඇඳුම් සහ ළදරුවන් සඳහා වූ කපු පුළුන් කොට්‌ට අලෙවි කර ඒ වෙනුවෙන් ලබා දුන් චෙක්‌පත් විශේෂ පෑනකින් ලියවා පසුව මකා වැඩි මුදල් ප්‍රමාණයක්‌ සටහන් කර බැංකුගත කර ඇති බව කියමින් කළුතර ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසල් කීපයක හිමිකරුවන් සහ හිමිකාරිනියන් විසින් කරන ලද පැමිණිලි අනුව පරීක්‍ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles