Divaina - අගමැතිවරයා සහභාගි වූ වාද්දුව උත්සවයේ දී කැලෑ රොදක් තුළින් උණ්ඩ රැුසක් සොයාගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (12 දා) වාද්දුව කවුඩු¥වේ විහාරස්ථානයේ උත්සවයකට සහභාගි වූ අතර ඒ අසල කැලෑ රොදක් පිරිසිදු කිරීමේ දී උණ්ඩ කිහිපයක් හමුවී ඇතැයි පානදුර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ මහතා කීය. ටී 56 ගිනි අවිවලට යොදන හිස් උණ්ඩ 2 ක්, ජීපීඑම්ජී ජීව උණ්ඩ 01 ක්, ආර්පීජී අජීවි උණ්ඩ 2 ක් මේ අතර වෙයි.

ජීව උණ්ඩය ගුවන් යානාවලට වෙඩි තැබීම සඳහා යොදා ගන්නා එකක් බව පොලිසිය කියයි.

කවුඩු¥ව විහාරාධිපති සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය ගෝණ¥වේ ගුණානන්ද නාහිමියන්, බස්නාහිර පළාත් ප‍්‍රධාන සංඝනායක ධුරයට පත් කර තිබූ අතර උන්වහන්සේ පිළිගැනීම සඳහා මෙම උත්සවය සංවිධානය කොට තිබිණි.

මෙම උණ්ඩ ඉතා පැරැුණි ඒවා බවත් පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පවත්වන ලද පරීක්‍ෂණ අවසන් වීමෙන් පසු අධිකරණයට කරුණු දක්වා ඒවා නිෂ්කී‍්‍රය කිරීමට කටයුතු කරන බවත් පානදුර පොලිස් අධිකාරිවරයා කීය.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, පානදුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත වාද්දුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

විජයසිරි විiාසේකර - කළුතර සමූහ, බණ්ඩාරගම ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles