Divaina - ආරක්ෂක නියාමකවරිය සපාකෑ රුසියන් කතට ශරීර ඇප

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

අහුන්ගල්ලේ ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටලයක කළහකාරී ලෙස හැසිරෙමින් හෝටලයේ ආරක්ෂක නියාමකවරිය සපා කා තුවාල සිදු කළ බවට චෝදනා ලැබ සිටින රුසියන් ජාතික කාන්තාව රුපියල් දෙලක්ෂ පනස් දහසක ශරීර ඇප මත නිදහස් කරන ලෙස බළපිටිය වැඩබලන මහෙස්ත‍්‍රාත් සමන්ත ආබ්‍රෙව් මහතා නියම කළේය.

මෙසේ ඇප මත මුදා හැරියේ රත්මලාන මන්ත‍්‍රීමුල්ල අංක 36-2 ඒ හි පදිංචි නදියා පොල්චිලෝවා (47) නමැති රුසියන් ජාතික කාන්තාවකි. පසුගිය 11 වැනිදා රාත‍්‍රියේ මෙම කාන්තාව හෝටලයේ කළහකාරී ලෙස හැසිරෙමින් සිටිය දී නේවාසිකව සිටි කාමරයට ඇය ගෙන යෑමට සූදානම් වූ ආරක්ෂක නියාමකවරිය සපා කා ඇති බවත් ඊට අමතරව හෝටලයේ කළමනාකරුටද පහර දී ඇති බවත් අහුන්ගල්ල පොලිසිය පවසයි. මෙම කාන්තාවට අද (14) දින බළපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද වැඩබලන මහෙස්ත‍්‍රාත්වරයා නියම කළේය. අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයතිලක මහතා ගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක විජේසේන, කාන්තා උප පොලිස් පරීක්ෂක චන්ද්‍රමාලා සහ පොලිස් සැරයන් සරත් (28839) යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

බළපිටිය -අනුර යසමිත්

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

gold250

මීවිත

inspect250

More Articles