Divaina - ගිනි තැබීමකට සොයමින් සිටියදී ගිනි තබා ගෙන දුම්රියට පැන දිවි හානි කරගනී

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

fair1යාපනයේ පේදුරුතුඩුව ප‍්‍රදේශයේ වෙළඳ සැලකට ගිනි තැබූ බවට සැක කොට පොලීසිය සොයමින් සිටි පුද්ගලයා 13 දා උදෑසන ඔහුගේ සිරුරට ගිනි තබාගෙන දුම්රියකට පැන සිය දිවි හානි කරගෙන තිබේ.

කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට ඔහු පැන ඇත්තේ යාපනයේ කොඩිකාමම් ප‍්‍රදේශයෙනි.

ඔහු සිරුරට ගිනි තබාගෙන දුම්රියට පැන ඇතත් ඔහු මියගොස් ඇත්තේ දුම්රියේ හැපීමෙන් බවට චාවාකච්චේරි රෝහලේ වෛද්‍යවරුන් තීරණය කොට තිබේ.

පේදුරුතුඩුවේ වෙළඳ සැල ගිනි ගැනීමෙන් පසුව පොලීසිය කළ මූලික පරීක්ෂණවලදී එක් පුද්ගලයෙකු වෙළඳ සැලට පෙට‍්‍රල් වත් කොට පලා යන අන්දම සී.සී.ටී.වී.කැමරාවක සටහන් වී තිබූ නිසා පොලීසිය මහජන සහය මත ඔහුව හඳුනාගෙන අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු සියදිවි හානි කරගෙන තිබේ.

මියගිය පුද්ගලයා යාපනයේ පේදුරුතුඩුව ප‍්‍රදේශයේ පදිංචි රාජසේකරන් රාජසීලන් නැමති වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු බවට පොලීසිය විසින් හදුනාගෙන තිබේ.

ස්ථානයට පැමිණි මියගිය අයගේ සහෝදරයෙකු පොලීසියට ප‍්‍රකාශ කොට ඇත්තේ තම සහෝදරයා කොළඹ පානදුර ප‍්‍රදේශයේ සිට යාපනයට පැමිණි බවත් ඔහුට වෙළඳ සැලකට ගිනි තැබීමට කිසිම හේතුවක් නොමැති බවත්ය.

පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට උත්සහ කිරීම නිසා ඔහු සිය දිවි හානි කරගන්නට ඇතැයිද මියගිය අයගේ සහෝදරයා ප‍්‍රකාශ කොට තිබේ.

යාපනයේ කොඩිකාමම් පොලීසිය මේ සිද්ධිය පිළිබදව පේදුරුතුඩුව පොලීසියේද සහය ඇතිව පරික්ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles