Divaina - රුපියල් කෝටි 15 වංචාවට සණස කළමනාකාරිනිය යළි රිමාන්ඞ්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p12 1බළන්ගොඩ මොරහැල උඩවෙල සණස බැංකුවේ හිටපු කළමනාකාර ඒ.කේ. මංගලිකා චිත‍්‍රාංගනී නමැත්තිය මේ මස 16 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස බළන්ගොඩ මහෙස්ත‍්‍රාත් හා දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. පසුගිය වසරේ අගෝස්තු 15 දින මැය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේ් මෙම බැංකුවේ ගනුදෙනුකරුවන් පිරිසකගේ  ගිණුම්ගත මුදල් රුපියල් කෝටි 15 ක් පමණ වංචා කළ බවට  ගනුදෙනුකරුවන් විසින් කරන ලද පැමිණිලි මතය.

එතැන් සිට මේ දක්වා රක්‍ෂිත බන්ධනාගාරගතව සිට යළි ඉකුත් 09 දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉහත නියෝගය කර ඇත.

මේ සම්බන්ධව පූර්ණ විගණන වාර්තාවක් වහාම ලබාදෙන ලෙස රත්නපුර සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි පරීක්‍ෂණ මෙහෙයවන පින්නවල පොලිසිය සඳහන් කළේය.

බළන්ගොඩ - එන්. එච්. පියසේන

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles