Divaina - වලාන දූෂණ ඒකකයෙන් කියා ස්පාවලින් කතුන් සමඟ මුදල් ලබාගත් හොරා පොලිස් තුනක් අතේ මාට්ටු

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p3 1වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් හබරණ,සීගිරිය,දිගම්පතහා ආදී ප‍්‍රදේශවල පිහිටි සම්භාහන මධ්‍යස්ථාන වලින් කප්පම් මුදල් ලබාගත් සංවිධානාත්මක කල්ලියක සාමාජිකයින් තිදෙනකු සමග ජීප් රථයක් හබරණ පොලිසිය මගින් 12 දින රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් වයස අවුරුදු 35 /40 වයස් කාණ්ඩයේ පසුවන ත‍්‍රිකුණාමලය,ගම්පහ හා කුරුණෑගල පදිංචිකරුවෝ වෙති.

පොලිසියට ලද තොරතුරකට අනුව හබරණ පොලිස් බල ප‍්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකට වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිස පොලිස් ස්ථානාධිපතිවරුන් පාවිච්චි කරන වර්ගයේ ජීප් රථයකින් මෙම පිරිස පැමිණ එම ආයතනයෙන් මුදල් ලබාගෙන එම ආයතනයේ සම්භාහන කාර්යයේ යෙදී සිටි 22 හැවිරිදි රූමත් තරුණියක් බලහත්කාරයෙන් රැුගෙන පලා ගොස් ඇත.

එම ආයතනයේ හිමිකරු මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව වහා ක‍්‍රියාත්මකවූ පොලිසිය හබරණ /දඹුල්ල මාර්ගයේ දිගම්පතහා ප‍්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට සැකකටයුතු ජීප් රථය නතර කර තිබෙන අයුරු දැක එම නිවෙස සෝදිසි කිරීමේදී බලහත්කාරයෙන් රැුගෙන ගිය තරුණිය හා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.

මෙම සැකකරුවන් කිසිවෙකුට සැකයක් ඇති නොවන අයුරින් පොලිස් නිලධාරීන් ලෙස ඔවුන් එකිනෙකා හඳුන්වා ඇත්තේ චිප්,සාජන් යන නම් වලින් වන අතර,එක් අයෙකු පොලිස් සිවිල් නිලධාරියෙකු ලෙස මුහුණේ රැවුල වවා ගෙන ඇති අතර තිදෙනාම හිසකෙස් කොටට කපා පොලිස් නිලධාරීන් පළදින ආකාරයෙන් හිස්වැසුම් පාවිච්චි කර තිබේ.එසේම ඔවුන්ගේ හැඳුනුම්පත් ආවරණ ලෙස භාවිතා කර ඇත්තේ පොලිස් නිලධාරීන් භාවිතා කරන අසුරුම්වලය.

මෙම කල්ලිය කාලයක් තිස්සේ සංවිධානාත්මකව කප්පම් ගැනීම මෙන්ම සම්භාහන ආයතනයන්හි සේවය කරන රූමත් තරුණියන්ද වරින්වර රැුගෙන ගොස් ඇති බවටද පොලිසියට ලැබී ඇති තොරතුරු අනුව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

මෙම කණඩායමේ තවත් කණ්ඩායමක් දඹුල්ල ප‍්‍රදේශයට පැමිණ ඇති බවට ලද තොරතුරු මතද විමර්ශන ආරම්භය කර ඇත.

සැකකරුවන් කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හබරණ පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

දඹුල්ල - සරත් එරමිනිගම්මන 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles