Divaina - පෝදා සැමියාට පහරදුන් විදුහල්පති බිරිය අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p13 1කළුතර ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ පාසලක සහකාර විදුහල්පතිනියක විසින් සිය නිවසේදී සිදුකළ අමානුෂික පහරදීමකින් ඇගේ සැමියා තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

දෙදෙනා අතර කලක් තිස්සේ පැවැති පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇතැයි දොඩන්ගොඩ පොලිසිය පවසයි.

සහකාර විදුහල්පතිනියගේ සැමියා වාද්දුව ප‍්‍රදේශයේ වෙනම ජීවත්ව සිට ඇති අතර ඔහු 11 දා පොහෝ දින පන්සල් යෑම සඳහා සිය පුත‍්‍රයාව රැුගෙන යෑමට බිරිඳ සිටි දොඩන්ගොඩ පිිහිටි නිවසට පැමිණ තිබේ. එහිදී දරුවා රැුගෙන යෑමට එරෙහි වූ බිරිඳ සැමියාට පහරදී ඇති අතර එම ප‍්‍රහාරයෙන් සැමියාගේ ඇස් හා දත්වලට තුවාල සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

සහකාර විදුහල්පතිනිය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පරීක්‍ෂක කටයුතුවල නිරතවන නිසා එම කටයුතු අවසන් වීමෙන් පසුව ඊයේ සවස ඇයව අත්අඩංගුවට ගෙන මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

බණ්ඩාරගම - ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක, විජයසිරි විද්‍යාසේකර - ක`ථතර සමූහ
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles