Divaina - ස්විස් නිලධාරිනිය පැහැර ගැනීමේ සිද්ධිය ජනපතිට අවමන් කිරීමට ගෙතූ එකක්.... ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභාව

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


කීර්ති වර්ණකුලසූරිය
 
 ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන යෑමට ලක්වූ බව කියන සිද්ධිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අවමන් කිරීමේ අරමුණින් සිදුවූවක් යැයි ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභාව ස්විස් විදේශ ඇමැති ඉග්නේසියෝ කැස්සිස් වෙත හදිසි සංදේශයක් යවමින් සඳහන් කර ඇත. මෙම පැහැර ගැනීමට ලක්වූ බව කියන සිද්ධිය ස්විස්ටර්ලන්තයේ ද්‍රවිඩ ඩස්පෝරාවට වාසියක් බව දක්වන එම සංසදය එකී සිදුවීමෙන් ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂාවක් නැති බව පෙන්නුම් කිරීමට ඔවුන් උත්සාහහ කරන බව කියා සිටී.
 
 ස්විස්ටර්ලන්තය කොටි මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බව ස්විස් මාධ්‍ය හෙළිකර ඇති බවත් මෙකී පැහැර ගැනීමේ සිද්ධියට කොටි වෙබ් අඩවි පුළුල් ප‍්‍රචාරයක් ලබාදී ඇති බවත් සඳහන් කරන එම සංසදය එම පැහැර ගැනීමේ පුවත ප‍්‍රචාරය වීමේ පසුබිම නිරීක්‍ෂණය කරන ලෙසද සංදේශයේ දක්වා ඇත.
 
 මෙම සිදුවීම ගැන ශී‍්‍ර ලංකාවේ නීතිමය අංශ වෙත සහාය දක්වන ලෙස ස්විස් නිලධාරීන්ට දැනුම් දෙන ලෙස ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ මාධ්‍ය සම්බන්ධිකාරක රංජිත් සොයිසා මහතා එම සංදේශයෙන් ඉල්ලා තිබේ.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles