Divaina - ත්‍රිකුණාමලයේ නිවසක්‌ පිටුපස වළ දමූ බිලිඳු මළ සිරුරක්‌ ගොඩ ගැනේ.... වළ දමන අවස්‌ථාවේ මියගොස්‌ සිටියේද යන්න පරීක්‌ෂණ...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි
 
 ත්‍රිකුණාමලය විලංකුලම ප්‍රදේශයේ නිවසක්‌ පිටුපස වළ දමා තිබූ බිලිඳෙකුගේ නරක්‌ වූ මළ සිරුරක්‌ අපරාධ ස්‌ථානීය පරීක්‌ෂණ නිලධාරීන් විසින් ත්‍රිකුණාමලය මහෙස්‌ත්‍රාත් මොහොමඩ් සම්සා මහතා ඉදිරියේදී පෙරේදා (12 දා) පස්‌වරුවේ ගොඩගනු ලැබීය.
 
 ගම්වැසියන් විසින් කළ දැනුම් දීමක්‌ මත ග්‍රාම නිලධාරිවරයා විසින් මෙම නිවස පිළිබඳව පොලිසියට ලබාදුන් තොරතුරු මත මෙම අපරාධය අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.
 
 අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මේ වනවිට පොලිසිය භාරයේ රෝහල්ගත කර ඇති අතර ඇය විසින් කළ ප්‍රකාශයක්‌ මත නිවස පිටුපස වළ දමා තිබූ බිලිඳු සිරුර ත්‍රිකුණාමලය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය ඩී. රුචිර නදීර මහතා විසින් මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේදී ගොඩගනු ලැබීය.
 
 විවාහක තිදරු මවක්‌ වන 29 හැවිරිදි සැකකාර කාන්තාව අනියම් සබඳතාවක්‌ මත හටගත් කලලයක්‌ විනාශ කිරීම සඳහා ගත් උත්සාහයක්‌ මත පිළිසිඳුණ මාස හතක්‌ පමණ වයසැති බිලි¹ රෙදි කඩකින්a ඔතා නිවස පිටුපස වළ දමා ඇති බව පොලිසිය කියයි. නොවැම්බර් මස නම වැනිදා මෙම අපරාධය සිදු කර ඇති අතර බිලි¹ වළ දමන අවස්‌ථාවේ මියගොස්‌ සිටියේ ද එසේත් නැති නම් පණ තිබුණේ ද යන්න පිළිබඳව පරීක්‌ෂණ සිදු කෙරේ.
 
 උප්පුවේලි පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක බී. ජී. එස්‌. කුමාරනායක, අපරාධ අංශ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක චතුරංග චන්ද්‍රසිරි, දූෂණ මර්දන ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක එච්. එම්. එස්‌. ආර්. කේ. හේරත් යන මහත්වරුන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles