Divaina - හිරුණිකා වරද පිළිගනී නම් සහනයක් දීමට විරුද්ධ නෑ.... අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා කියයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 
 ඒ. ජේ. ඒ. අබේනායක
 
hira දෙමටගොඩ වෙළෙඳ සලක් තුළදී තරුණයකු බලහත්කාරයෙන් පැහැර ගැනීම ඇතුළු අධිචෝදනාවල විත්තිකාර පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය අවම වශයෙන් වරද පිළිගැනීමට හෝ සූදානම් නම් ඇයට සහනයක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය විරුද්ධත්වයක් නොදක්වන බව නීතිඥ චින්තක රණතුංග මහතා 3 දා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා හමුවේදී ප‍්‍රකාශ කළේය.
 
 විත්තිකාර සිය සේවාදායිකාව එකී අධිචෝදනාවලට වරද පිළිගැනීමක් සිදුනොකරන බවත් එකී අධිචෝදනාවලට වරදකරු නොකර හා දඬුවම් නියම කිරීමකින් තොරව නඩුව අවසන් කර ගැනීම සඳහා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට අපේක්‍ෂා කරන බවත් පෙන්වා දෙමින් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුර සෙනවිරත්න මහතා කරුණු දැක්වූ
 
 අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා එලෙස ප‍්‍රකාශ කළේය. විත්තිය එකී ඉල්ලීම නිල මට්ටමින් නීතිපතිවරයා වෙත කළහොත් ඒ සම්බන්ධයෙන් සලකා බලා නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දිය හැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එහිදී අධිකරණයට දැනුම් දුන් අතර නීතිපතිවරයාගේ ස්ථාවරය කුමක් වුවත් විත්තිකාරියට දඬුවම් නියම කිරීමේ අභිමතය ඇත්තේ ගරු අධිකරණයට බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
 
 ඒ අනුව එම නඩුව ලබන මැයි 4 වැනිදා දක්වා කල් තැබූ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා විත්තියේ ස්ථාවරය සම්බන්ධයෙන් එදින අධිකරණයට දැනුම් දීමට අවසන් වශයෙන් දින ලබාදුන්නේය.

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles