Divaina - බීමත් පුද්ගලයෙකු තල්ලූ කිරීමෙන් බිමවැටී තුවාල ලැබූ 81 හැවිරිදි මව මරුට...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ
 
 බීමත් පුද්ගලයකු විසින් තල්ලූ කිරීමෙන් පසු ඇදවැටී තුවාල ලබා සිටි 81 හැවිරිදි මවක කළුතර නාගොඩ මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ පයාගල විහාරකන්ද, මංත‍්‍රීගොඩ පදිංචිව සිටි හෙම්බාතන්ත‍්‍රිගේ රොස්ලින් ප‍්‍රනාන්දු නමැති මවකි.
 
 මෙම සිද්ධිය වී ඇත්තේ ඉකුත් නොවැම්බර් 15 වැනිදා සවස 3.30 ට පමණය. මියගිය අය නිවස අසල සිටින විට මිදුල හරහා ගිය බීමත් පුද්ගලයෙකු තම නිවස කඩාවැටී ඇතැයි පැවසූ බවත්, ඉන්පසු ‘‘ඉතිං මට මොකද’’ යැයි මෙම කාන්තාව පැවසූ පසු පරුෂ වචනයෙන් බැණ වැදුණු ඔහු ඇය තල්ලූ කර දමා ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
 
 ඉන්පසු සැකකරු ඇය ඔසවා පුටුවක හිඳුවා ගොස් ඇතැයි පොලිසිය කියයි.
 
 මෙම සිද්ධියෙන් පසු වරින් වර රෝහල්ගත කර සිටි මෙම කාන්තාව ඉකුත් 08 වැනිදා මිය ගොස් ඇත.
 
 මෙම මරණය උකුල් ඇටය බිඳීයෑමෙන් රුධිර ධාවනය අඩපණවීම හා පෙනහලූවලට ලේ ගැලීමෙන් සිදුවූවක් බව පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් හෙළිවීමත් සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
 
 සැකකරුට ස්ථීර පදිංචි ස්ථානයක් නොවන බවත් ඔහු එක් එක් තැන්වලට යන අයෙකු බවත් පොලිසිය කියයි.
 
 පයාගල පොලිසිය ඒ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles