Divaina - ගිය ආණ්‌ඩුවේ ඇමැතිවරු සුදු වෑන් නාට්‍ය ෂෝක්‌ එකට කළා... ගීතා කුමාරසිංහ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


 
 නෝමන් පලිහවඩන
 
ee සුදු වෑන් භීතිය සහ ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීමේ කතාව ටෙලිනාට්‍යයක්‌ ආකාරයට අපූරුවටම නිර්මාණය කිරීමට පසුගිය ආණ්‌aඩුවේ හිටපු ඇමැතිවරු කටයුතු කළ බව එජනිසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය 'දිවයින'ට ඊයේ (06 දා) ප්‍රකාශ කළාය.
 
 මෙවැනි කතා නිර්මාණය කිරීමට හැකි හිටපු ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාප අනුව එම අවධියේදී මේ රටේ ජනතාව බොරු කියා රැවටීම එතරම් අසීරු කරුණක්‌ නොවන බව ද ඇය කීවාය.
 
 හැමදාම බොරුවෙන් ජනතාව රැවටීමට නොහැකි බව ද කී ගීතා කුමාරසිංහ මහත්මිය පසුගිය ජනාධිපතිවරණයේදී ආයෙත් පස්‌ස නොබලන්න ජනතාව ඔවුන්ට කතිරයෙන් පහරදුන් බව ද සඳහන් කළාය.
 
 ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද කීවාය.
 
 වත්මන් ආණ්‌ඩුවට පහර ගැසීමට හිටපු ඇමැතිවරුන් දෙතුන් දෙනෙක්‌ විවිධ සැලසුම් කරනවා. ලැඡ්ජාවක්‌ බියක්‌ නැති මෙම උදවිය ආයෙත් ජනතාව රැවටීමට උත්සාහ දරනවා. බලයේ සිටියදී ජනතාවට බදු බර දෙමින් නොයෙකුත් මානසික වධහිංසා කළ එජාපයට ජනතාව රැවටීමට බැහැ. එජාපය අනාථ වෙලා සිටිනවා යෑයි පැවසුවාය.
 

 

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles