Divaina - පොඩි දේ ලොකු කරලා 'රවුම්' කර කියන්න රාජිතට පුළුවන්.... අපිව ගාවගන්න එපා - එයාගෙන් අහන්න...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020


නෝමන් පලිහවඩන
 
 ajiths
හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා කුඩා දේ ලොකුකර අපුරු කතා ප්‍රකාශ කරන බව පසුගිය ආණ්‌ඩුවේ හිටපු ඇමැති අජිත් පී. පෙරේරා මහතා 'දිවයින'ට ඊයේ (13 දා) පැවැසීය.
 
 ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගෙන ගියා යෑයි කියන සිද්ධිය පිළිබඳව අජිත් පී. පෙරේරා මහතාගෙන් 'දිවයින' කළ විමසීමේදී හෙතෙම එසේ ප්‍රකාශ කළේය.
 
 රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරන ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගෙන යැමේ සිද්ධිය තමන් ඇතුළු පක්‍ෂයේ කිසිවෙකු හරි හැටි නොදන්නා බව ද අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
 
 එක්‌සත් ජාතික පක්‍ෂය මේ දිනවල ප්‍රශ්න රැසකට මුහුණ පා තිබෙනවා. පක්‍ෂයේ නායකත්වය පිළිබඳව තිබෙන ප්‍රශ්නය මුලින්ම කියන්න ඕනෑ. පක්‍ෂය යළිත් මහජනතාව අතරට ගෙන යන ආකාරය සොයා බලා ක්‍රියාකරන්න ඕනෑ. එහෙම තිබියදී ස්‌විස්‌ තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගෙන යැමේ කතා පුවතට අපව සම්බන්ධ කරගන්න එපා. ඔය කතාව කියන්නේ රාජිත සේනාරත්න මහත්මයා විතරයි. අනික ඔහු එක්‌සත් ජාතික පක්‍ෂයේ කෙනෙක්‌ නෙමේ. අපරාදේ කියන්න බැහැ රාජිත යම්කිසි දෙයක්‌ ප්‍රකාශ කරන්නේ කුඩා දේ ලොකු කර රවුම් කරලා. අතිශයෝක්‌තියෙන්. ඔය ස්‌විස්‌ තානාපති කාර්යාලයේ සිද්ධිය දන්නේ එයා විතරයි. ඒක එයාගෙන් අහගන්න. අපිව සම්බන්ධ කරගන්න එපා.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles