Divaina - අයහපත් කාලගුණයෙන් දිස්ති‍්‍රක්ක 21 ක ලක්‍ෂ 1 1/2 ක් විපතේ මරණ 6 ක්: අතුරුදන්වීම් 3 ක්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p4 1දිස්ති‍්‍රක්ක 21 කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (9 දා) වන විට මරණ 6 ක්, අතුරුදන්වීම් 3 ක් සමග පවුල් 44,368 කට අයත් පුද්ගලයන් 1,51,182 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තාවී ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා ඇත. නිවාස 29 ක් සම්පූර්ණයෙන්ද තවත් නිවාස 1172 කට අර්ධ හානිද සිදුවී ඇත. පීඩාවට පත් පවුල් 2158 කට අයත් පුද්ගලයන් 7106 ක් ආරක්‍ෂිත ස්ථාන 64 ක රැුඳවීමටද පියවර ගෙන ඇත.

බදුල්ල, මොනරාගල, මඩකලපුව, අම්පාර, ති‍්‍රකුණාමලය, මන්නාරම, මුලතිව්, කිළිනොච්චිය, වවුනියාව, යාපනය, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට සහ මාතර දිස්ති‍්‍රක්කවල ජනතාව මෙසේ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇත.

මඩකලපුව දිස්ති‍්‍රක්කයේ පවුල් 1670 කට අයත් පුද්ගලයන් 57634 ක්, කිළිනොච්චියේ පවුල් 8936 කට අයත් පුද්ගලයන් 28741 ක්ද වැඩි වශයෙන් පීඩාවට පත්ව ඇත.

චමින්ද සිල්වා, සිරිමන්ත රත්නසේකර

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles