Divaina - විපක්‌ෂනායක වුණ විදියටම සජිත් එජාප නායක වෙනවා...

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
 
asopවිපක්‌ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලැබුණු ආකාරයෙන්ම එක්‌සත් ජාතික පක්‌ෂ නායකත්වයද ඒ මහතාට හිමිවන බව තමා දැඩිව විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක්‌ අබේසිංහ මහතා 'දිවයින'ට ඊයේ (06 වැනිදා) පැවසීය.
 
 එය නුදුරේදීම සිදුවන බව ද ඔහු කියා සිටියේය.
 
 මෙහිදී තවදුරටත් කතා කළ අබේසිංහ මහතා මෙසේ ද කීවේය.
 
 දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට ජනාධිපති අපේක්‌ෂක ධුරය දෙන්නේ නැහැ කියපු අය අන්තිමට ඒක දුන්නා. ඊට පස්‌සේ සජිත් ප්‍රේමදාස මහත්මයාට විපක්‌ෂ නායක ධුරය දෙන්නේ නැහැ කිව්වා ඒකත් දැන් ලැබිලා තියෙනවා. එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකත්වය හිමි වෙන්නෙත් සජිත් ප්‍රේමදාස මහත්තයාටයි. ආයෙ ඒකේ කතා දෙකක්‌ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් කිසි ගැටලුවක්‌ නැහැ. දැන් අපේ පක්‌ෂයේ අර්බුද නැහැ. අපි ලබන මාර්තු, අප්‍රේල්වල තියෙන මහ මැතිවරණයට හොඳ සූදානමකින් ඉන්නේ.
 
 දැන් පත් වුණු ගෝඨාභය රාජපක්‌ෂ ජනාධිපතිතුමා ආපු ගමන් මාධ්‍ය සංදර්ශන ටිකක්‌ දැම්මා. අර කටුනායක ගුවන් තොටුපළේ සාමාන්‍ය විදිහට ආවේ. ඕන කෙනෙක්‌ පත්වුණු ගමන් ඔහොම තමයි දැන් රටම පවිත්‍ර කරනවා. ඒක හොඳයි. හැබැයි මාධ්‍ය සංදර්ශන පෙන්වන්නේ නැතිව.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles