Divaina - මැ.කො.ගේ යෝජනාවට එරෙහිව එවෙලේම ලියුමක්‌ දුන්නා....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

අනුරාධ හිරිපිටියගේ
 
 seelaජනාධිපතිවරණ අපේක්‍ෂක ඇප මුදල් නැංවීමට මැතිවරණ කොමිසම කරන යෝජනාවට එරෙහිව ඒ මොහොතේම මැතිවරණ කොමිසමට ලිපියක්‌ භාර දුන් බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ zදිවයිනZට ඊයේ (06 දා) පැවසූහ. තමන් සමග සිරිතුංග ජයසූරිය මහතා ද එම යෝජනාවට විරෝධය පෑ බව උන්වහන්සේ සඳහන් කළහ.
 
 ජනාධිපතිවරණයේදී රුපියල් පනස්‌ දහසක්‌ වූ දේශපාලන පක්‍ෂ අපේක්‍ෂක ඇප මුදල රුපියල් ලක්‍ෂ විසි හය දක්‌වාත් රුපියල් හැත්තෑපන් දහසක්‌ වූ ස්‌වාධීන අපේක්‍ෂකයකුගේ ඇප මුදල රුපියල් ලක්‍ෂ තිස්‌ එක දක්‌වාත් වැඩි කිරීමට මැතිවරණ කොමිසම කර ඇති යෝජනාව පිළිබඳව අදහස්‌ දක්‌වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
 
 මැතිවරණ කොමිසම පක්‍ෂ නියෝජිතයන් කැඳවා මෙම යෝජනාව දැන්වූ මොහොතේ තම විරෝධය පළ කළ බව උන්වහන්සේ පැවසූහ. එසේ ඇප මුදල් වැඩිකිරීම ඡන්ද බලය හෑල්ලු කිරීමක්‌ බවද උන්වහන්සේ කීහ.
 
 ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ මහ මැතිවරණ අපේක්‍ෂක ඇප මුදල් වැඩි නොකරන ලෙසද මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බවද උන්වහන්සේ පැවසූහ.
 
 ඇප මුදල් වැඩි කළහොත් සිදුවන්නේ ආර්ථික ශක්‌තියක්‌ නැති දැන උගත්තුන්ට දේශපාලනයට පිවිසීමට ඇති ඉඩකඩ ඇහිරීම බවද පැවසූ උන්වහන්සේ එය සල්ලිකාරයන්ට සහ ජාවාරම්කාර මුදලාලිලාට පමණක්‌ දේශපාලන දොර විවර කිරීමක්‌ බවද සඳහන් කළහ.

 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles