Divaina - තහනම් පෙමට බාධාවක්වූ පුංචි පුතාට මවගේ අනියම් සැමියා වස පොවලා.... ඒ සමග අනියම් යුවළත් නිවසින් අතුරුදන්වෙලා!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

 ගම්පොල - සුරංග දිල්හාන්
 
wasdඅනියම් පෙමට බාධාවක් වූ දස හැවිරිදි පුතුට වස පොවා සැඟවී සිටි මවක හා ඇගේ අනියම් සැමියා කොත්මලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අනියම් සැමියා නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී මහෙස්ත‍්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය විසින් ඔහු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මෙම මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
 
 මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මහනුවර කටුගස්තොට ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
 
 කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප‍්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දරුවකුට විෂ සහිත දියරයක් පානය කිරීමට දීමෙන් එම දරුවා කොත්මලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ගම්පොල රෝහල වෙත යවා තිබිණි.
 
 මෙම ප‍්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් මඟ තොටේදී හමු වූ 30 හැවිරිදි පුද්ගලයකු සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන අනියම් ඇසුරක් පවත්වා ගෙන ගොස් තිබිණි.
 
 විවාහක 40 හැවිරිදි මෙම කාන්තාවට දරුවන් තිදෙනකු සිටින අතර වැඩිමහල් දියණියන් දෙදෙනාම විවාහ වී වෙනත් ප‍්‍රදේශවල පදිංචිව ඇත.
 
 ඇගේ සැමියා පිට ප‍්‍රදේශයක රැුකියාවට යන අතර අද නිවසේ සිට ඇත්තේ දස හැවිරිදි මෙම පිරිමි දරුවා සමගය.
 
 ඒ අතර මෙම අනියම් සැමියා සමඟ ඇය දිගටම ඇසුර පවත්වා ඇති අතර ඔවුන්ගේ මෙම ඇසුරට පුංචි පුතු බාධාවක් වී ඇත.
 
 ඒ අනුව පසුගිය මස 8 වැනිදා මෙම අනියම් සැමියා මෙම පුතුට විෂ සහිත යමක් පානය කිරීමටදී ඇති අතර එයින් ඔහු බරපතළ ලෙස රෝගී වීම නිසා මෙසේ රෝහල්ගත කර ඇත.
 
 ඒ සමග මෙම අනියම් යුවළ ද නිවසින් අතුරුදන්ව ඇති අතර පොඩි පුතුගේ කට උත්තර අනුව ඔවුන් සොයා ගැනීම සඳහා කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. පේ‍්‍රමලාල් මහතා ඇතුළු කණ්ඩායමක් පුළුල් පරීක්ෂණයක් අරඹා තිබිණි.
 
 ඒ අතර මෙම කාන්තාව යළි ගමට පැමිණ ඇති අතර ඇගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා කටුගස්තොට ප‍්‍රදේශයේ සිටි බව අනාවරණය වී ඇති අතර අනියම් සැමියා අඹේවල පට්ටිපොල ප‍්‍රදේශයේ ඥාති නිවසකට ගිය බව ද හෙළි වී ඇත.
 
 ඒ අනුව සිද්ධියෙන් දින 24 කට පසු මෙම අනියම් සැමියා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති අතර ඔහු මෙසේ 2 දා සවස නාවලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
 
 මෙම දරුවාට දී ඇති විෂ වර්ගය හඳුනා ගැනීම සඳහා එහි කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට කොත්මලේ පොලිසිය පියවර ගෙන තිබිණි.
 
 නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. බී. ටී. සුගතපාල ස. පො. අ. කි‍්‍රෂාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. පේ‍්‍රමලාල්, පො. ප. බණ්ඩාර, උ. පො. ප. වීරසිංහ, පො. කො. (74272* රන්දික, (66583* රුවන්, කා. පො. කො. (6618* දුලීකා යන නිලධාරීහු මෙහි පරීක්ෂණ සිදු කළහ.

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles