Divaina - ෂාපිගේ ශාපය වැදී සිංහල මවුවරුන් දහස් ගණනක් වඳවීම ගැන දැන්වත් සොයා බලන්න

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p1 8- උතුර - උතුරු මැද දෙනුවර ප‍්‍රධාන සංඝනායක ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමි

මහජනයාගෙන් වැටුප් ලබන වෛi තනතුරක් ලබාගත් විජාතික වෛiවරයා තමන් ලබාගත් තනතුරට මුවාවී දරුවන් ලැබෙන වයසේ සිටින සිංහල මවුවරුන් දහස් ගණනක් වඳභාවයට පත්කළා. මෙය මුළුමහත් සිංහල ජාතියම වඳවීමට හේතුවක් වුණා. මෙය ජාතික අපරාධයක්. නමුත් මේ ප‍්‍රශ්නයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් නීතිය, අනීතිය කොට, යුක්තිය - අයුක්තියකොට, සාධාරණය - අසාධාරණය කොට කටයුතු කළා. මේ නිසා තරුණ මවුවරුන්ට යළිත් දරුවන් ලබා ගැනීමේ හිමිකම නැතිව ගියා. සිංහල ජාතියේ ජන සංයුතිය යම් පමණකට අඩුවී ගියා. මේ සාපරාධය කළ අයට යුක්තිය හා නීතිය හඳුනන වර්තමාන රජයෙන්වත් වහාම නීතිය ක‍්‍රියාත්මක කරන හැටියට ඉල්ලා සිටිනවා.

උතුර උතුරුමැද දෙනුවර ප‍්‍රධාන සංඝනායක අනුරාධපුර ජයන්ති විහාරාධිපති ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි පසුගිය දින ජයන්ති විහාරස්ථානයේදී සංඝමිත්තා වැඩසටහන් පිළිබඳ බෞද්ධ කාන්තා සංසදය සමග පැවැති සාකච්ඡුාවේදී එසේ පැවසීය.

මෙතෙක් කල් පැවැති පාලනය මගින් අතපල්ලට දමා තිබූ ‘‘සිංහල බෞද්ධ උරුමය’’ වර්තමාන රජය මගින් නැගිටුවා තිබෙනවා. යටකී විජාතික වෛiවරයා වෛi වෘත්තියද කෙලෙසමින් කරගෙන ගියේ සිංහල ජාතිය වඳකර දැමීමේ යටිකූට්ටු වැඩක්. ‘පුංචි පවුල රත්තරං’ මන්තරෙන් එජාපය කලක් සිංහල ජාතිය වඳකර ගෙන ගියා. මේ වෛiවරයා කළෙත් ඒ ව්‍යාපාරයේම කොටසක්. මේ ව්‍යාපාරය ගැන රට අවදිකළ දිවයින පුවත්පතට එරෙහිව එකල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙහෙය වූවා. ඒක හරියටම කැකිල්ලේ තීන්දුවක්. වඳින්න ගිය දෙවොල හිසට කඩා වැටුණා වගේ වැඩක්. කෙසේ වුවද දිවයින රට - දැය වෙනුවෙන් ඒ අවස්ථාවේ ජාතික මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළා. දෙවියන් යුක්ති සහගත දිවයින ආරක්‍ෂා කළා.

සංඝමිත්තා මෙහෙණිය මේ රටේ සම්බුද්ධ ශාසනයෙන් සිංහල ජාතිය ඔපවත් කිරීමට කටයුතු කළා. සිරිමා බෝ සමිඳුන් අපට ලබා දුන්නා. මෙහෙණි සස්න අපට ලබාදුන්නා. මේ සියල්ල සිද්ධ වුණේ උඳුවප් පෝදා. මෙදා උඳුවප් පෝය යෙදී ඇත්තේ දෙසැම්බර් 12 වැනිදාටයි. එදිනට එතුමියට පිං දෙමින් විශේෂ පිංකමක් කළ යුතු යැයි ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වැඩිදුරටත් විස්තර කළහ.

එප්පාවල - රත්න බී. ඒකනායක

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles