Divaina - සබරගමු ආණ්ඩුකාරවරයා හොර රහසේ වැඩ අල්ලයි - අලූයම තනිවම ගොස් රත්නපුර නගරයේ අඩුපාඩු රූගත කර පෙන්වයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ධුරයේ වැඩ භාරගත් දිනයට පසුදින එනම් ඉකුත් 29 වන දින අලූයම 5.45 ට කිසිදු ආරක්‍ෂකවරයකු හෝ සහායකයකු නොමැතිව රත්නපුර නගරයේ කිලෝ මීටර් 6 ක් දුර පා ගමනින් ගොස් නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානවල පවතින අපිරිසිදු කම් සහ පුරවැසියන්ගේ නොමිනිස් ක‍්‍රියාකාරකම් රූපගත කර තම ප‍්‍රථම රාජකාරිය ලෙසට ඒවා රත්නපුර නගරාධිපතිවරයා ඇතුළු දහසක් ජනතාව හමුවේ පෙන්වා දුන්නේය.

ආණ්ඩුකාරවරයා එම ඡායාරූප තීරයක් හමුවේ ප‍්‍රක්ෂේපණය කර පෙන්වූයේ ත‍්‍රී ආර්. සංකල්පය ප‍්‍රවර්ධනය කිරීම තුළින් නාගරික කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම මැයෙන් නගරාධිපතිවරයා කැඳවා තිබූ විද්වත් සමුළුව හමුවේ අදහස් දක්වමිනි.

සබරගමුව ආණ්ඩුකාරවරයා සිය දේශනය ඇරඹුවේ මේ රටේ බදු පිට බදු ගැසූ යුගය අවසන් කරමින් දින 10 ක් ඇතුළතදී නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබා දුන් නව බදු සහන තුළින් රටේ අර්ථවත් වෙනසක් ඇති කිරීමට හැකිවන බව පවසමිනි. අනතුරුව ආරක්‍ෂක හිස්වැසුම් දෙකක් පැළඳගත් දෙමාපිය යුවළක් යතුරුපැදියේ මැද කුඩා දරුවකු තබාගෙන පැදගෙන යන අයුරු ප‍්‍රදර්ශනය කළේය. අද දේශපාලන පෝස්ටර් කිසිවක් පරිසරයේ නොදැකීමට තිබීම රට නව දේශපාලන සංස්කෘතියක් දෙසට ගමන් කරමින් තිබීමේ පූර්ව නිමිත්තක් ලෙසට හෙතෙම පෙන්වා දුන්නේය.

රත්නපුර බටුගෙදර පාලම උඩ තිබූ යෝද වළක ඡුායාරූපයක් පෙන්වූ ආණ්ඩුකාරවරයා එම වළ දැක නොතිබීම ගැන මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු තැන වෙත මවිතය පළ කළේය. රත්නපුර නගරය මධ්‍යයේ සුදු ඉරක් නොමැති ස්ථානයකින් පාර මාරුවන කාන්තාවකගේ ඡුායාරූපයක් පෙන්වූ හෙතෙම එසේ නොසැලකිල්ලෙන් පාර මාරුවන මහනුවර පුද්ගලයන්ගෙන් රුපියල් 750 බැගින් තමා දඩ මුදල් අයකර ගැනීමේ ක‍්‍රමයක් ඇතිකළ බවත් එම ක‍්‍රමය රත්නපුරයේද පටන් ගන්නා ලෙසත් ආණ්ඩුකාරවරයා රත්නපුර නගරාධිපතිවරයාට පැවසුවේය.

මුළු රත්නපුරයම අශෝභන කර ඇති එක්තරා උපකාරක පන්ති ගුරුවරයකුගේ විශාල ඡුායාරූප පෙන්වා ඔහුට නීතියෙන් දඬුවම් ලබා දෙන ලෙසටද පැවසූ ආණ්ඩුකාරවරයා මුත‍්‍රා ගඳින් පිරී ඇති නගරයේ ප‍්‍රසිද්ධ ස්ථාන මල්පෝච්චි විතරක් ඇති මල් ගස් නැති රත්නපුර ක‍්‍රීඩා පිට්ටනිය කිලිටි වී අපවිත‍්‍රව ඇති රත්නපුර ප‍්‍රධාන වටරවුමේ ඇති බෝධිය ආදී තැන් පමණක් නොව නගරයේ දැකුම්කළු බව තුරන් කළ ප‍්‍රසිද්ධ ස්ථාන රාශියක ඡුායාරූප ප‍්‍රදර්ශනයේදී සැවොම එක්වී සහයෝගයෙන් රත්නපුර නගරය ක‍්‍රමවත් හා විධිමත් ස්ථානයක් බවට පත්කිරීමට ක‍්‍රියා කරමුයි පැවසුවේය.

රත්නපුර නගරාධිපති ටිරෝන් අත්තනායක මහතා අදහස් දක්වමින් ගොළු රටක් මෙන්ම ගොළු නගරයක් වූ රත්නපුරය ක‍්‍රමවත්ව ඔසවා තබන්නට ජනාධිපතිවරයා ගන්නා උත්සාහයට අත්වැළක් වන බව පැවසුවේය.

රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාරසිංහ මහතා කරුණු ඉදිරිපත් කරමින් බණ්ඩාරනායක මාවත ඇතුළු නගරයේ සෑම තැනකම අශෝභන ලෙස අලවා ඇති උපකාරක පන්ති පෝස්ටර් මින් ඉදිරියට රත්නපුරයේ නොතිබිය යුතුව ඇතැයිද කීය. දැන් නගරයේ පෝස්ටර් ගැසීම මෝස්තරයක් බව පැවසූ පොලිස් අධිකාරීවරයා ගුරුවරයා දක්‍ෂ නම් පෝස්ටර් අනවශ්‍ය බව කීය. රත්නපුර නගරයේ සෑම තැනකම පදික වේදිකා තිබුණද පදික වෙළෙඳුුන් ඒ සියල්ල අත්පත් කරගෙන ඇති නිසා ජනතාව ගමන් කරනුයේ පාර මැද්දේ බවද කීය.

රත්නපුර විශේෂ - තිලකසිරි දෑලබණ්ඩාර

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles