Divaina - කොපි කිරීමට ඉඩ නොදුන්නැයි සමන්තුරේ තාක්‍ෂණ විදුහලේ සිසුන් විභාග පරීක්‍ෂකවරුන්ට පහර දීලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p1 7සමන්තුරේ තාක්‍ෂණ විදුහලට පසුගිය සිකුරාදා (29 දා) විශේෂ රාජකාරි සඳහා පැමිණි විභාග පරීක්‍ෂකවරුන්ට විභාග අපේක්‍ෂකයන් කීප දෙනෙකු විසින් පහරදී ඔවුන් පලවා හැර ඇත. විභාග පරීක්‍ෂක හා සහාය පරීක්‍ෂකවරයා සිද්ධියෙන් තුවාල ලබා සමන්තුරේ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙම තාක්‍ෂණ විදුහලේ 2019 අධ්‍යයන වසර සඳහා වූ කෘෂිකර්ම ඩිප්ලෝමා සිසුන් සඳහා වූ අවසන් වාර පරීක්‍ෂණය මේ දිනවල පැවැත්වේ. මෙහිදී මෙම විභාග පරීක්‍ෂකවරුන් සිසුන්ට කොපි කිරීමට නොදීම නිසා සිසුන් පිරිසක් ඔවුනට පහරදී තිබේ. පහර කෑමෙන් එක් අයකුගේ හිස තුවාලවී ඇති අතර අනෙක් පරීක්‍ෂකවරයාගේ අත තුවාල වී තිබේ.

මේ සිද්ධියෙන් සමන්තුරේ තාක්‍ෂණ විදුහලේ නොසන්සුන්තාවක් ඇතිවූ අතර පොලිසිය පැමිණ ආරක්‍ෂාව ලබාදී තිබේ. තමන්ට ආරක්‍ෂාවක් නොමැතිව විභාග පරීක්‍ෂණ කටයුතුවල නියැළීමට නොහැකි බව විභාග පරීක්‍ෂකවරුන් උසස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

කල්මුනේ - ආර්. ශී‍්‍රවේල්රාජා

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles