- පසුව මුදල ලබා ගැනීමට පැමිණීමේදී පොලිසියට කොටුවෙලා
බිංගිරිය පොලිස් වසමට අයත් ඉහළ කඩිගමුව ප්රදේශයේ පදිංචි කරුවෙකුගේ සැලසුමකට අනුව ගනේමුල්ල පොලිස් වසමේ මංකොල්ලකරුවන් තිදෙනකු සමග එක්ව බිංගිරිය දලුපොත ප්රදේශයේ නිවසකින් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ලබාගැනීමේ අරමුණින් ගොස් පසුව එය ලක්ෂ 10 කට අඩුකොට එම මුදල ලබාගැනීමට පැමිණි මොහොතේදී අත්අඩංගුවට ගැනීමට බිංගිරිය පොලිසිය සමත්විය.
ඉහළ කඩිගමුවේ පදිංචි වීරකුට්ටි ආරච්චිලාගේ නිමේෂ නමින් හඳුන්වන අයෙකුගේ සැලසුමකට අනුව මංකොල්ලකරුවන් තිදෙනා පසුගිය දිනෙක රාත්රි 1.00 ට පමණ බලහතකාරයෙන් නිවසට ඇතුළු වී නිවසේ සිටි මව, පියා සහ දියණිය බිය ගන්වා මරණීය තර්ජන එල්ල කොට රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ඉල්ලා ඇත. එතරම් මුදලක් තමන් සන්තකයේ නොමැති බව නිවැසියන් මංකොල්ලකරුවන්ට පවසා ඇති අතර පසුව එම මුදල ලක්ෂ 10 කට අඩුකොට ඇත. කොල්ලකරුවන්ට කප්පම් මුදල එදින ලබාගැනීමට නොහැකි වූ නිසාත් හිස් අතින් ආපසු යැමට නොහැකි නිසාත් රුපියල් 24,000ක මුදලක් හා රන් අභරණ ආදිය සොරාගෙන පසුව එම පිරිස නිවසේ සිටි වයස අවුරුදු 18 ක දැරියට ලිංගික අතවර සිදුකර පලාගොස් ඇත.
මංකොල්ලකරුවන් පලායන අවස්ථාවේ ලිංගික අතවරයට ලක්වූ දැරියගේ කන්වල තිබූ කරාබු ජෝඩුවද ගලවාගෙන ගොස් ඇතැයි බිංගිරිය පොලිසිය පවසයි.
මේ පිළිබඳ හල්මිල්ලෑව ප්රදේශයේ පදිංචි සිද්ධියට මුqහුණ පෑ කාන්තාවගේ වැඩිමහල් සොයුරිය වන සාගරිකා ලක්මාලි නමැති අය බිංගිරිය පොලිසිය වෙත පැමිණිලි කොට ඇත.
ඒ අනුව සැකකරුවන් අල්ලා ගැනීමේ මෙහෙයුම බිංගිරිය පොලිසිය මගින් ආරම්භ කොට පොලිස් නිලධාරීහු සැකකරුවන් අත්අඩගුවට ගෙන ඇත.
දුම්මලසූරිය - සෝමවීර ගම්ලත්