- සිද්ධිය ගැන මෙතෙක් කිසිඳු හෝඩුවාවක් නැහැ
- කොස්වත්ත පොලිස් වසමට අයත් හාල්දඩුවන ගිනිගල්පොල ප්‍රදේශයේ පදිංචිව සිටින ප්‍රධාන පෙලේ වෛද්‍යවරයකුගේ නිවසට අලූයම් කාලයේ ඇතුල්වී ඇති සොරමුලක් එම නිවසේ තිබූ රුපියල් ලක්ෂ එකලොහමාරක් පමණ මුදල්ද සහිත සේප්පුව උස්සාගෙන ගොස් ඇතැයි කොස්වත්ත පොලිසිය පවසයිග
මේ මස 09 වන දින අලූයම 02-00 ත් 04-00 ත් අතර කාලයක මෙම සොරකම සිදුව ඇති බව කියන පොලිසිය කීපදෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් මෙම සොරකම සිදුකර ඇතැයි විශ්වාස කරයිග
මෙම සිද්ධිය දැනගත් විගස හලාවත පොලිස් සුනඛ ඒකකය හා පොලිස් ඇගිලි සලකුණු ඒකකයේ නිලධාරින් ගෙන්වා දිගින් දිගටම පරීක්ෂණ පවත්වන ලද නමුත් මෙතෙක් සැකකරුවන් පිලිබද කිසිදු තොරතුරක් සොයාගත නොහැකිව තිබේගමෙම නිවසේ සවිකරතිබූ සීසීටීවී කැමරා පද්ධතිය දින 04 ක පමණ කාලයක් කි‍්‍රයාවිරහිතව තිබූ අවස්ථාවකම මෙම සොරකම සිදුවී තිබීම සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානය යොමුකර තිබේග
සිව්දෙනෙකුටවත් හදිසියේ උස්සාගෙනයා නොහැකි තරම් බර ඇති මුදල් සේප්පුවක් රැුගෙනයාම පහසුවෙන් කලහැකි දෙයක් නොවන බව කියා සිටින පොලිසිය ඉතාමත් සූක්ෂම අන්දමින් හා ඉතාමත් සැලසුම් සහගතව වාහනයකින් පැමිණි සොරමුලක් මෙම සොරකම සිදුකර ඇති බවට සැක කරයිග
කොස්වත්ත පොලිස් ස්ථානාධිපති පොප කේගඑච්ගඑස්ගජයනාත් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපොප නිමල් ප්රමුඛ නිලධාරින් මේ පිළබඳව පරීක්ෂණ පවත්වතිග
කිරිමැටියාන-ඇන්ටනි රෝස්