Divaina - ගෝඨාභය රාජපක්ෂගේ ජයග‍්‍රහණයට ටී.එන්.ඒ සහය ඕනේ නැහැ - උ/නැ හිටපු ප‍්‍රධාන ඇමැති වර්ධරාජා පෙරුමාල්

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p14 3දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවගේ ඡුන්ද අයිතිය ඔවුන්ගේ කැමැත්ත මතට හැරවීමට උත්සහ කළත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සහය අවශ්‍ය නොමැති බව උතුරු නැගෙනහිර පළාත් සභාවේ හිටපු පලමු ප‍්‍රධාන අමාත්‍ය ව්රධරාජා පෙරුමාල් මහතා 10 දා මුලතිව් හිදී පැවසීයග

ජනාධිපතිවරණය සඳහා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය සඳහා පැවති රැුස්වීමකදී ජනතාව ඇමතූ ව්රදරාජා පෙරුමාල් මහතා කියා සිටියේ මේ දිනවල උතුරේ පොදුජන පෙරමුණේ රැුස්වීම් වලට සහභාගී වී සිටින අති විශාල දෙමළ ජනතාවගේ ප‍්‍රමාණය දකින විට මේ දෙමළ වැසියෝ එදා මෙන් යළි දෙමළ ජාතික සන්ධානයේ වචන වලට නොරැුවටෙන බවද කියා සිටියේයග

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන වුවමනාවන්ට එදා දෙමළ ජනතාව රැුවටුණේ ඔවුන් වසර ගණනාවක්ම යුද්ධයකට කොටු වී සිට ලෝකය පිළිබඳව නිසි වැටහීමක් නොතිබුණු නිසා බව කී ඒමහතා මේ වන විට ඔවුන් යථාර්තය තේරුම් ගෙන සිටින නිසා දැන් ඔවුන් කැමති අපේක්ෂකයාට ඡුන්දය ප‍්‍රකාශ කරන බවද සඳහන් කළේයග

දෙමළ ජනතාවත් දෙමළ දේශපාලන පක්ෂත් භේද බින්න කළේ දෙමළ ජාතික සන්ධානය බව කී වරදරාජා පෙරුමාල් මහතා ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතා උත්සහ කරන බවද කියා සිටියේයග

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles