Divaina - අතුරුදහන් වූවන් සොයා බලන කාර්යාලය වසා දමන්න - කාන්තා සංවිධාන කීපයක් මුලතිව් නගරයේ විරෝධතාවයක

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

p3 1යුද සමයේදී අතුරුදහන් වූවන් පිළිබඳව තොරතුරු සොයා බැලීමට යැයි කියමින් යාපනයේ පිහිටුවා ඇති ව්‍යාජ කාර්යාලය වසා දමන ලෙසත් අතුරුදහන් වූ එක් සාමාජිකයෙකුගේ පවුලකට මසකට රුපියල් 6000 බැගින් ගෙවීමට රජය ගත් තීරණය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් මුලතිව් කාන්තා සංවිධාන කීපයක් 10 දා දහවල් මුලතිව් නගරයේ විරෝධතාවයක නිරත වූහ.

ඔවුන් කියා සිටියේ යුද්ධයෙන් අතුරුදහන් වූ සියළු පුද්ගලයින් පිළිබඳව තොරතුරු ගත වූ වසර දහය ඇතුලතදී රජයටත් මැක්ස්වල් පරණගම කොමිසම වෙතත් ලබා දී ඇති නිසා යළිත් තොරතුරු රැුස් කිරීමට කාර්යාලයක් යාපනයේ පිහිටුවීම නිෂ්ඵල මෙන්ම කිසිඳු ප‍්‍රයෝජනයකට නොමැති බවයි.

මේ අතර යුද සමයේදී අතුරුදහන් වූ අය වෙනුවෙන් එම පවුලට මසකට රුපියල් 6000 බැගින් ගෙවීමට ගෙන ඇති තීරණය අසාධාරණ නිසා එවැනි පවුල් සඳහා ප‍්‍රමාණවත් වන්දියක් ගෙවන ලෙස මුලතිව් කාන්තා සංවිධාන ඉල්ලා සිටියි.

යුද සමයේදී අතුරුදහන් වූ සාමාජිකයා පවුලේ ආර්ථිකය ශක්තිමත් කළ ප‍්‍රධාන උපයන්නා නිසා ඔහු අතුරුදහන් වීමෙන් පසුව පවුලේ ආර්ථිකය බිඳ වැටී ඇති නිසා මසකට රුපියල් 6000ක මුදල ප‍්‍රමාණවත් නොවන බව විරෝධතාවයේ නිරත මුලතිව් කාන්තා සංවිධාන නියෝජිතයෝ කියා සිටියහ.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

yak250new

නවලිය

otara250

දියග

sri250

මීවිත

meeema250

More Articles