Divaina - සොරකමෙන් ගොඩයන්න රියෑදුරු කළ නාටකය හමාරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

නිමල් හේමසිරි - රදම්පල
 
 ඖෂධ බෙදාහරින රථයක වෙළෙඳ නියෝජිතයා චෙක්‌ පතක්‌ ලබාගැනීම සඳහා ගන්දර නගරයේ ඖෂධහලක්‌ වෙත ගිය අවස්‌ථාවේ එහි තිබූ රුපියල් තුන් ලක්‍ෂ පහළොස්‌දාහක මුදලක්‌ කොල්ලකෑමක්‌ මවා පෙන්වා වංචා කිරීමේ චෝදනාව මත රථයේ රියෑදුරා පෙරේදා (07 දා) අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
 
 මාතර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් මෙම ඩිලිවරි රථය ඖෂධ බෙදාහැරීම සඳහා පසුගිය 04 දා මාතරින් පිටත්ව කල්මුණේ දක්‌වා ගොස්‌ ආපසු එන ගමනේදී 06 වැනිදා සවස ගන්දර නගරයේදී එහි වෙළෙඳ නියෝජිතයා ඖෂධහල වෙත ගොස්‌ ඇති අවස්‌ථාවේ මුදල් හා චෙක්‌පත් ආදිය රියෑදුරා පමණක්‌ සිටින රථයේ තබා ගොස්‌ ඇත. ඒ පිළිබඳ රියෑදුරා දැනුවත්ව සිට මුදල් වංචා කිරීමේ අරමුණින් රථය ඉදිරියට ගෙනගොස්‌ ඇත.
 
 අනතුරුව දෙවිනුවර ඉන්ධනහල අසල තල්පවිල මාර්ගයෙන් ගොස්‌ කැකනදුර හන්දියෙන් හැරී රත්මලේ පාරේ පැමිණ උඩුවිල ප්‍රදේශයේ කොස්‌ ගසක්‌ යට මුදල් සඟවා ලොරි රථයෙන්ම දික්‌වැල්ල පොලිස්‌ ස්‌ථානයට ගොස්‌ පැමිණිල්ලක්‌ දැමීම සඳහා විමසා ඇති බව පොලිසිය කියයි.
 
 සිද්ධියට අදාළ ගන්දර පොලිසියට පැමිණිලි කරන ලෙස දැන්වූ බැවින් ගන්දර පොලිසියට පැමිණිල්ලක්‌ දමා තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ තමා ගන්දර ඖෂධ අලෙවිහල ඉදිරිපිට රථය නවතා සිටියදී දෙදෙනකු දෙපැත්තෙන් නැඟ ආයුධ පෙන්වා බියගන්වා නොපෙනෙන පරිදි අසුන යටට ඔබා වාහනය පැහැරගෙන ගොස්‌ මුදල් කොල්ලකා උඩුවිල ප්‍රදේශයේදී තමන් හා රථය නිදහස්‌ කර එම කොල්ලකරුවන් දෙදෙනා පැනිගිය බවයි. අනතුරුව රියෑදුරා තමාට පහරදීම නිසා අමාරු බව පවසා මාතර රෝහලට ඇතුළත් වී ඇත. ඒ අනුව අයිතිකරු මේ පිළිබඳව ගන්දර පොලිසියට පැමිණිලි කර තිබේ.
 
 පැමිණිල්ල ලද වහාම ගන්දර පොලිස්‌ ස්‌ථානාධිපති කපිල බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන කටයුතු ආරම්භ වූ අතර රථය ගියා යෑයි සැකකරන මාර්ගයේ සී. සී. ටී. වී. කැමරා දර්ශන පරීක්‍ෂා කිරීමේදී ලොරි රියෑදුරා පමණක්‌ රථය ගෙනයන බව හෙළිකරගෙන ඇත. ඒ අනුව රියෑදුරා පෙරේදා (07 දා) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු සියල්ල පාපොච්චාරණය කර ඇති අතර සඟවා තිබූ මුදල් ද සොයාගත් බව ගන්දර පොලිසිය පවසයි.
 
 මාකඳුර ප්‍රදේශයේ පදිංචි (58) හැවිරිදි රියෑදුරා ඊයේ (08 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 ගන්දර පොලිස්‌ සථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කපිල බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ සැරයන් දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක අකලංක, පොලිස්‌ සැරයන් (46693) අජිත්, (8315) වීරසේකර, පොලිස්‌ කොස්‌තාපල් (46534) අනුර, (46183) ඒකනායක යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles