Divaina - හෘදයාබාධයක්‌ යෑයි රෝහලට ඇතුළත් කළ පුද්ගලයාගේ මරණය මිනීමැරුමක්‌

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

මහියංගණ - රංජිත් කරුණාවීර
 
 රැකියාවට ගොස්‌ නිවසට පැමිණි පුද්ගලයකු හදිසියේ රෝගාතුර වීමෙන් මහියංගණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 5 දින මියගොස්‌ ඇත. රෝගියා හදිසි හෘදයාබාධයකට ලක්‌වන්නට ඇති බවට සැකකර නිවෙස්‌ හිමියන් විසින් ඔහුව රෝහලට ඇතුළත් කර ඇත.
 
 2019. 11. 06 වැනි දින මරණකරුගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ මහියංගණය මූලික රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරී ආර්. පී. ජයසූරිය මහතා මරණයට හේතුව හෘදයාබාධයක්‌ නොවන බවත් ශරීරයේ අභ්‍යන්තරයේ සිදුවූ අස්‌ථි බිඳීමකින් ඇතිවූ තුවාල හේතුවෙන් අභ්‍යන්තර ලේ ගැලීමක්‌ බවට වාර්තා කර ඇත. තවද මරණකරුගේ දෙපාවල තැලීම් තුවාල සලකුණු ඇති බවත් මෙය මනුෂ්‍ය ඝාතනයක්‌ බවට සැකකරන බවත් සඳහන් කර ඇත. ඒ අනුව රෝහල් පොලිසියෙන් සිදුකළ දැනුම්දීම පරිදි පරීක්‍ෂණ පැවැත් වූ මහියංගණය පොලිස්‌ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඉහත මනුෂ්‍ය ඝාතනය සිදුකළ බවට සැකපිට මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයේ පදිංචි වයස අවුරුදු 54 ක විවාහක පුද්ගලයකු 7 වැනි දින දහවල් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත.
 
 මහියංගණය පොලිස්‌ වසමේ අංක 08/81, 48 කණුව පදියතලාව පාර මහියංගණය ලිපිනයේ පදිංචි ධනපාල මුදියන්සේලාගේ පුංචිරාල නම් වූ වයස අවුරුදු 59 ක විවාහක පුද්ගලයකු සැක කටයුතු අයුරින් මෙසේ මියගොස්‌ තිබිණි. මරණයට පත් පුද්ගලයා හා අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක සිට අමනාපයෙන් පසු වූ බවත් 2019. 11. 05 වැනි දින සැකකරු අසල වෙළෙඳ සැලකට ගොස්‌ නිවසට යමින් සිටිය දී මරණයට පත් පුද්ගලයා මත්පැන් පානය කර පසු පසින් පැමිණ පරුෂ වචනයෙන් බැණවැදී පහරදීමට තැත් කළ බවත් එම අවස්‌ථාවේ සැකකරු විසින් මරණයට පත් පුද්ගලයා තල්ලුකර දැමූ බවත් සැකකරු ප්‍රකාශ කර ඇත. සිදුවීම සම්බන්ධයෙන් මහියංගණ සහකාර පොලිස්‌ අධිකාරී ලක්‌දාස අබේගුණසේකර මහතාගේ උපදෙස්‌ මත මහියංගණ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එස්‌. ඡේ. ඒ. ආර්. එල්. සේනාධීර මහතා නියෝජ්‍ය ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක රුවන් වීරකෝන් මහතා යටතේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. ඩබ්ලිව්. එම්. ආර්. ඩී. වීරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පො. සැ. (47144) කිත්සිරි, පො. කො. (66024) ජයසේකර, (10099) වැවේගෙදර, (71610) දනුක යන පොලිස්‌ නිලධාරී කණ්‌ඩායමක්‌ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වති.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles