Divaina - 'යාපනයේ මහ හොරා' අල්ලයි... ඔහු බැලීමට විශාල පිරිසක්‌ ඔහු සැඟවී සිටි නිවසට එයි...!

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

දිනසේන රතුගමගේ
 
 යාපනයේ, කෝපායි, චාවකච්ෙච්රි, පේදුරුතුඩුව ඇතුළු පළාත් ගණනාවක හොරකම් ගණනාවකට සම්බන්ධ 'යාපනයේ මහ හොරා' හෙවත් 'කුට්‌ටි' නමැත්තා නිවසක සැඟවී සිටියදී යාපනයේ කෝපායි පොලිසිය විසින් 07 දා සවස අත්අඩංගුවට ගෙන තිබේ.
 
 කෝපායි පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත අදාළ හොරා අත්අඩංගුවට ගෙන ඇත. 'යාපනයේ මහ හොරා' පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව සැලවීමත් සමගම ඔහුව දැකබලා ගැනීම සඳහා අවට වැසියන් විශාල පිරිසක්‌ ඔහු සැඟ වී සිටි නිවස වෙත පැමිණ තිබේ.
 
 යාපනයේ, කෝපායි පොලිසිය සඳහන් කළේ යාපනයේ වැඩිම සොකරම් ගණනාවකට සම්බන්ධ වී සිටියේ මේ 'කුට්‌ටි' නමැත්තා බවයි.
 
 අත්අඩංගුවට ගත් සැකකරුව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කෝපායි පොලිසිය පියවර ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles