විජයසිරි විiාසේකර - කළුතර සමූහ
මැඩගස්කරයේ ඉකුත් 01 වැනිදා රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් මියගිය මගේ පුතා වන ජවුෆර් සාලී (අවු.36* මැඩගස්කර් ජාතික කාන්තාවක් සමඟ විවාහ වී සිටියා යැයි ඔහුගේ පියා කළුතර කටුකුරුන්ද පල්ලිය පාරේ පදිංචි අමීර් හම්සා මහතා පැවැසීය.
මෝටර් රථයක් ඇළකට වැටීමෙන් සිදුවූ අනතුරින් ශ්‍රී ලාංකික මැණික් ව්‍යාපාරිකයන් තිදෙනකු මියගිය අතර මියගිය පවානි මුහන්දිරම්ලාගේ අමීර් හම්සා ජවුෆර් සාලි ඉන් එක් අයෙකි.
මෙහිදී අමීර් හම්සා මහතා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ කීය.
මියගොස් ඇත්තේ මගේ වැඩිමහල් පුත්‍රයායි. කළුතර මුස්ලිම් මධ්‍ය මහා විiාලයේ අධ්‍යාපනය ලද ඔහු මැණික් ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළා.
මැඩගස්කරයට ගොස් මැණික් ගෙනවිත් මෙරටදී අලෙවි කිරීම ඔහුගේ රැුකියාවයි.
ඔහු විවාහ වී මැඩගස්කරයේ පදිංචි වී සිටියා. ඔහුට දරුවන් නැහැ. වරින් වර ගෙදර ඇවිත් යනවා. අවසන්වරට ආවේ මේ වසරේ මාර්තු - අපේ‍්‍රල් කාලයේදීය.
සිද්ධිය වූ දින මොහු සවස 5 ට පමණ පිටත්වී ඇති බව දැන ගත්තා. රාත්‍රී 8 වන විටත් නියමිත ස්ථානයට ගොස් තිබුණේ නැහැ. පසුවදා මෝටර් රථය ඇළේ තිබී ගොඩ ගෙන තිබෙනවා. අපි සිද්ධිය දැන ගත්තේ 02 වැනිදායි.
අප මෙහෙන් කවුරුවත් ගියේ නැහැ. අවසන් කටයුතු මැඩගස්කරයේ සිදුකෙරෙනවා.
- Hits: 428