Divaina - වසර 8 ක් කට්ටි පැන්න ආමි සමීර අතඅඩංගුවට....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩි. විතාන
 
 විවිධ අපරාධ රැුසකට සම්බන්ධ පොලිසියට අවශ්‍ය වී සිටි ප‍්‍රධාන පෙළේ අපරාධකරුවකු වන ‘‘ආමි සමීර’’ නමැත්තා වසර අටක කාලයක් තිස්සේ සැ`ගවී සිටියදී සපුගස්කන්ද පොලිසිය මගින් 05 වැනිදා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
 
 පොලිසියට අවශ්‍ය අපරාධකරුවකු සිටින බවට ලද තොරතුරක් මත මෙම සැකකරු සියඹලාපේ ඞීමෝ හන්දියේ සණස ශාලාව ඉදිරිපිට සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
 මෙම සැකකරු යුද හමුදාවේ හිටපු සෙබළකු වන අතර මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු ළ`ග තිබී ජීව අත් බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
 
 2010 වසරේදී බියගම පොලිස් ජීප් රථයට පහර දී අලාභ හානි සිදු කිරීම, 2011 වසරේදී පුද්ගලයෙකුට කඩුවකින් කොටා බරපතල තුවාල සිදු කිරීම, 2019 වසරේදී නිවෙසකට පහරදී රුපියල් ලක්‍ෂ 3 1/2 ක අලාභයක් සිදු කිරීම ඇතුළු අපරාධ රැසක්ම මෙම සැකකරු විසින් සිදු කර තිබෙන බවට තොරතුරු ලැබී ඇත.
 
 සියඹලාපේ ඞීමෝ හන්දිය ප‍්‍රදේශයේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු වන මොහු මහර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 කැලණිය පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ අධීක්‍ෂණය යටතේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක තුසිත ජයකොඩි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එල්. අමරසේකර, සැරයන් තිලකරන්න (36589*, පො. කො. කුමාර (71453*, කුමාර (68475*, ලක්මාල් (82436* හා දසනායක (71335* යන නිලධාරිහු මේ වැටලීම සිදු කළහ.

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles