Divaina - කෑගල්ලේ කාන්තාවක්‌ හුණුපිටියේ නවාතැන්ගෙන කිරිබත්ගොඩ ගඟ අවට දහම් පාසල් දරුවන්ගේ පංචායුධ ගලවාගෙන....

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය


දෙල්ගොඩ -ඩබ්ලිව්. ඩී. විතාන
 
 panchaudaදහම් පාසල් යන සිසු දූ දරුවන් රවටා ඔවුන්ගේ ගෙල බැඳ තිබෙන පංචායුධ සොරා ගැනීමේ යෙදී සිටි 55 හැවිරිදි කාන්තාවක්‌ කිරිබත්ගොඩ පොලිසිය මගින් පසුගිය සති අන්තයේ අත්අඩංගුවට ගන්නා ලදී.
 
 තවද එම කාන්තාව විසින් මෙසේ සොරා ගනු ලැබූ පංචායුධ තුනක්‌ උකස්‌ කර තිබී සොයාගත් අතර තවත් පංචායුධයක්‌ ඇය ළඟ තිබී ඇත.
 
 එම කාන්තාව විසින් මෙසේ පංචායුධ හතක්‌ සොරාගෙන තිබෙන බව හෙළිවිය.
 
 එම කාන්තාව විසින් පොලිස්‌ බල ප්‍රදේශයේ දහම් පාසලකට පැමිණි සිසු දූ දරුවන්ගේ පංචායුධ එම දහම් පාසල් භූමිය තුළදීම ඔවුන් රවටාගෙන පැත්තකට රැගෙන ගොස්‌ සොරා ගෙන තිබේ.
 
 එම කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වන අතර හුණුපිටිය, අලුත්පාර ප්‍රදේශයේ නේවාසිකාගාරයක නැවතී නිවෙස්‌වල වැඩ කරන තැනැත්තියකි.
 
 කිරිබත්ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක එස්‌. කේ. පී.ටී. සුබසිංහ මහතාගේ උපදෙස්‌ අනුව අපරාධ විමර්ශන අංශයේ සැරයන් යාපා (22401), පො.කො. ජයලත් (73251) හා කාන්තා පො.කො. තිලිණි (10882) යන නිලධාරීහු වැටලීම සිදු කළහ.

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles