Divaina - ව්‍යාජ ෆේස්‌බුක්‌ ගිණුමක්‌ සකසා ඇයගේ අසභ්‍ය ඡායාරූප ඇතුළත් කර මිතුරියට මඩ ගැසූ මිතුරිය අත්අඩංගුවට

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

දෙල්ගොඩ -ඩබ්ලිව්. ඩී. විතාන
 
faceb මුහුණු පොතේ සිය මිතුරියගේ ඡායාරූප සමග සකස්‌ කළ ඇයගේ අසභ්‍ය ඡායාරූප ඇතුළත් කර ඇය සමග ලිංගිකව හැසිරීමට කැමැති අය ඇය අමතන ලෙසට ඇයගේ ජංගම දුරකථන අංකය සඳහන් කරමින් ව්‍යාජ මුහුණු පොත ගිණුමක්‌ පවත්වා ගෙන යනු ලැබූ තරුණියක්‌ බියගම පොලිසිය මගින් පසුගිය සිකුරාදා 18 වැනිදා පස්‌වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
 
 තවද එම තරුණිය විසින් එම ව්‍යාජ මුහුණු පොත ගිණුම පවත්වා ගෙන යැමට භාවිත කළ ජංගම දුරකථනයක්‌ ද පොලිස්‌ භාරයට ගනු ලැබූ අතර එහි එම මිතුරියගේ සකස්‌ කළ අසභ්‍ය ඡායාරූප තිබී ඇත.
 
 එම තරුණිය යුද හමුදාවේ සේවය කොට නීත්‍යනුකූලව ඉවත් වූ හිටපු සෙබළියකි.
 
 විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක ප්‍රභාත් කුමාර යසවර්ධන මහතා විසින් මේ සම්බන්ධව ලද පැමිණිල්ලක්‌ විමර්ශනය කිරීමෙන් පසුව සැකපිට එම තරුණිය අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙය අනාවරණය කර ගැනීමට හැකිවිය.
 
 එම දෙදෙනාම බියගම නිදහස්‌ වෙළෙඳ කලාපයේ ආයතනයක රැකියාව කරන අතර එම ආයතනය තුළදී එම දෙදෙනා අතර ඇතිවූ පුද්ගලික ආරවුලක්‌ මත මෙය සිදුකර තිබේ.
 
 සැකකාරිය මාතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක වන අතර එම ඉරණමට ලක්‌වූ මිතුරිය 32 හැවිරිදි දෙදරු මවකි.
 
 එම මුහුණු පොත නැරඹූ සිය ගණනක්‌ එම මිතුරියට දුරකථන හරහා ප්‍රතිචාර දැක්‌වීම නිසා ඇය බලවත් සේ මානසිකව වැටී තිබෙන බව පැවසේ.
 
 එම සැකකාරිය මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට දැන් කටයුතු කර ගෙන යයි.


sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles