Divaina - 3 ශ්‍රේණියේ සිසුවාට ගුරුවරයා පොල්ලකින් ගහලා

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p3 1හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලයේ සිංහල අංශයේ ප‍්‍රාථමික අංශයේ තුන්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවකුට එම විදුහලේ ගුරුවරයකු විසින් පොල්ලකින් අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඉකුත් 11 වැනිදා එම විදුහලේ ගුරුවරයකු විසින් සිසුවාගේ පිට කොන්දට, දෙපයට සහ අත්වලට අමානුෂික ලෙස පහර දී ඇති අතර පහර දීමෙන් තුවාල ලැබූ සිසුවා දැඩි වේදනාවෙන් නිවසට පැමිණ දෙමව්පියන්ට ද ඒ පිළිබඳව නොකියා පාසල් නොගොස් අසනීප තත්ත්වයෙන් නිවසේ රැුඳී සිටීම පිළිබඳව සැක සිතූ එම සිසුවාගේ වැඩිමහල් සොහොයුරිය තම සොහොයුරාගෙන් කරුණු විමසා ඇත. සොහොයුරා ඇඳ සිටි කමිසය ගලවා තමන්ට විදුහලේ ගුරුවරයකු පොල්ලකින් පහර දුන් බවත්, තවදුරටත් තමන්ට පාසල් යාමට නොහැකි බවත් පැවසුවේ යැයි එම සිසුවාගේ සොහොයුරිය වන ආර්.මලර් පැවසීය.

හැටන් ඩන්බාර් වීදියේ පදිංචිව සිටින එම සිසුවාගේ පියා කුළී වැඩ කරමින් තම දරුවන් රැුක බලා ගනී. මොහු පාසලේ අධ්‍යාපන කටයුතු කිරීමට ඉතා දක්ෂ සිසුවකු බවත්, එම සිසුවා චිත‍්‍ර ඇඳීමට දැඩි උනන්දුවක් දක්වන බවත් ප‍්‍රදේශවාසීහු ද කියා සිටියහ.

පහර කෑමෙන් තුවාල ලබා දැඩි වේදනාවෙන් සිටි පාසල් සිසුවා පියා විසින් 15 වැනිදා රාතී‍්‍ර දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

දික්ඔය මූලික රෝහලේ රෝහල් පොලිසිය විසින් හැටන් මුලස්ථාන පොලිසිය වෙත මේ පිළිබඳව කරුණු වාර්තා කර ඇති අතර දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරයකු පැවසුවේ සිසුවාට පහර දීම නිසා ශරීරයේ ස්ථාන 8ක පමණ තැලීම් සහ තුවාල සිදු වී ඇති බවයි.

අප මේ පිළිබඳව හැටන් බොස්කෝ විදුහලේ සිංහල අංශයේ ගුරුවරියකුගෙන් කළ විමසුමකට එම ගුරුවරිය කියා සිටියේ රෝහල් ගත කර සිටින සිසුවා අවස්ථා කිහිපයකදීම පාසලේ අනික් සිසුන්ගේ පාට පැන්සල් සොරකම් කිරීම සම්බන්ධයෙන් අවවාද කර සිටි සිසුවකු බවයි.

නුවරඑළිය නාලක රත්නායක

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles