Divaina - කුඩුවේ ඉන්න පුතාට අම්මා කුඩු ඇදලා අධිකරණයෙන් දඩ

ad 1000 90

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

පුර පසළොස්වක පොහෝ දින සිය පුතාට පානය කිරීම සඳහා පොලිස් සිර මැදිරියට හෙරොයින් රැුගෙන ගියේ යැයි ඌරගස්මන්හන්දිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගේ මවට රුපියල් 9000 ක දඩයක් ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් ගයාන්  මීගහගේ මහතා පසුගියදා නියම කළේය.

රස පරීක්ෂක වාර්තාවට අනුව හෙරොයින් පාර්සලයේ හෙරොයින් තිබී ඇත්තේ ග‍්‍රෑම් 01 කට වඩා අඩු ප‍්‍රමාණයක් බැවින් සැකකාරියට මෙසේ දඩ නියම කරන බවද මහේස්ත‍්‍රාත්වරයා දැනුම් දුන්නේය.

මෙසේ දඩ නියම කරන ලද්දේ යටගල කන්ද, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි අයෙකුටය.

ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරිත් හල්විට මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පසුගිය පසළොස්වක පොහොය දිනක ඌරගස්මන්හන්දිය නගරයේ සෝදිසි කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇත. එහිදී සැක කටයුතු ලෙස ඌරගස්මන්හන්දිය පොළ භූමියේ රැුදී සිටි සැකකාරියගේ පුතා අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමෙදී සන්තකයේ තිබී හොරොයින් මිලිග‍්‍රෑම් 30 ක ප‍්‍රමාණයක් සොයා ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබූ හෙරොයින් තොගය පොලිස් භාරයට ගෙන තිබූ නිසා අධික ලෙස හෙරොයින්වලට ඇබ්බැහි වී සිටි ඔහුට හෙරොයින් නොමැතිව සිටීමට නොහැකි වී ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඒ අසල සිටි හිතවතෙකු මාර්ගයෙන් ඒ බැව් සිය මවට දන්වා ඉතා සූක්‍ෂම ලෙස තමන්ට අවශ්‍ය හෙරොයින් ප‍්‍රමාණයක්

රැුගෙන මව පොලිසියට පැමිණ පොලිස් සිර මැදිරියේ සිටි සිය පුතාට ලබාදෙන අවස්ථාවේදී පොලිසිය, පොලිස් සිර මැදිරිය අසලදීම සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ සිය පුතා විසින් මවට හෙරොයින් රැුගෙන එන ලෙස දැනුම් දී තිබෙන බව පොලිසියට කල්තියාම දැන ගන්නට ලැබී ඇත. ඒ සඳහා තොරතුරු ලබා ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුණ පොලිස් නිලධාරීන් කීප දෙනෙකුම යෙදවීමටද ඌරගස්මන්හන්දිය පොලිසිය කටයුතු කර ඇත.

ඒ අනුව සැකකරුගේ මව පැමිණ පුතාට සිර මැදිරියේදී හෙරොයින් ලබා දෙන අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මව සන්තකයේ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 570 ක ප‍්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. මවද හෙරොයින් ජාවාරමේ යෙදෙන අයකු බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හරිත් හල්විට, පාලන අංශයේ ස්ථානාධිපති විජිත් ජයන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති පී. එම්. ඉරාන් යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් (28634* ධනපාල සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

අනුර යසමිත් - බළපිටිය

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles