Divaina - ඇමරිකානු තානාපති කාර්යාලයේ පිරිසක් කිළිනොච්චියේ බිම් බෝම්බ ඉවත් කරන හැටි බලන්න එති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

p19 2ඇමරිකා එක්සත් ජනපදයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ සංවිධානයක ව්‍යාපෘති කළමනාකරු ඇතුළු ඇමරිකන් තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් 7 වැනිදා කිලිනොච්චියේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුවන ආකාරය පරීක්ෂා කොට බැලීමට එම පළාත්වල සංචාරයක නිරත වූහ.

මේ පිරිස කිළිනොච්චියේ මුහමාලේ පච්චිලෙයිපල්ලි ඇතුළු පළාත් කීපයක බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ අතර මේ වන විට උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු පිළිබඳ ප‍්‍රගතිය ද විමසා බැලූහ.

ශ‍්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය ක‍්‍රියාදාමය සඳහා දැනට වසර ගණනාවක සිට ඇමරිකා එක්සත් ජනපදය ආධාර සපයා දෙන අතර 2020 හා 2021 වසරවල් සඳහා ආධාර සපයා දීමට ඇති අවශ්‍යතාවය හා ලබා දෙනු ලැබන ආධාර ප‍්‍රමාණය තීරණය කිරීම ඇමරිකානු නියෝජිතයින්ගේ උතුරු පළාත් සංචාරයේ ප‍්‍රධාන අරමුණ බව සඳහන් කෙරිණි.

කිළිනොච්චියේ බිම්බෝම්බ ඉවත් කරන බිමේදී පැවැති සාකච්ඡුාවේදී අනාවරණය වූයේ උතුරු හා නැගෙනහිර පළාත්වල තවත් වර්ග කිලෝමීටර් විසිතුනක භූමි ප‍්‍රදේශයක බිම්බෝම්බ ඉවත් කිරීමට ඇති බවයි.

2020 වසරේදී ශ‍්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට ශ‍්‍රී ලංකාවට පැමිණි බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳව වූ අන්තර් ජාතික සංවිධාන බලාපොරොත්තු වූවත් එම ඉලක්කය 2020 වසරේ දී සපුරාලීමට නොහැකි වන බව ද මේ වන විට ප‍්‍රකාශයට පත් කොට තිබේ.

මේ නිසා අනිවාර්යෙන්ම 2025 වසරේදී ශ‍්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කරන බව බිම්බෝම්බ ඉවත්කිරීමේ මානුෂීය මෙහෙයුමේ නිරත අන්තර් ජාතික සංවිධාන 2018 වසරේ ඔටාවා නුවර පැවැති සම්මේලනයේදී ප‍්‍රකාශයට පත් කළ අතර ඇතැම් විට ඒ වර්ෂය 2025 වසරට මෙහා වසරක් විය හැකි බවටද විශ්වාසය පළ කොට තිබේ.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles