Divaina - වැඩිහිටි දිනය සමරන්න අනුරපුර පැමිණි තඹුත්තේගම අයට ඇල්වතුරවත් නෑ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

2019 ඔක්තෝබර් මස 01 වැනිදාට යෙදුණු ජාත්‍යන්තර වැඩිහිටි දීම සැමරීමේ උත්සවයක් මෙවර අනුරාධපුරයේ සල්ගාදු පිටියේදී පැවැත්වූ අතර එම අවස්ථාවට ශීී‍්‍ර ලංකාවේ විවිධ ප‍‍්‍රදේශවලින් වැඩිහිටියෝ 5000 කට අධික ප‍ිරිසක් සහභාගි වූහ. ශී‍්‍ර ලංකාවේ විවිධ ප‍‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා නිලධාරීන්ගේ ප‍‍්‍රධානත්වයෙන් එම ප‍‍්‍රාදේශීය ලේකම් කාර්යාල යටතේ ජීවත් වන වැඩිහිටියන් මෙම උත්සයවට කැඳවා තිබිණි.

ශී‍්‍ර ලංකාවේ වෙනත් ප‍‍්‍රදේශවල වැඩිහිටියන් කල්වේලා ඇතිව මෙම උත්සව භූමියේ ස්ථානගත කර තිබූ අතර අනුරාධපුර දිස්ති‍‍්‍රක්කයේ වැඩිහිටියන් රැුස්වීම ආරම්භ කිරීමට පැය ගණනකට පෙර කැඳවා ගෙන ඒමට නියෝග කර තිබුණි. ඒ අනුව තඹුත්තේගම ප‍‍්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සිටිනා වැඩිහිටියන් ද පස්වරු 12.00 සිට කැඳවා ගෙන ඒමට කටයුතු කර තිබිණි. පස්වරු 1.00ට පමණ එම වැඩිහිටියන් පැමිණ අසුන්ගෙන තිබේ. පස්වරු 3.00ට පමණ උපහාර උළෙල ආරම්භ කෙරිණි. එම අවස්ථාව වන විට තමතමන්ගේ ප‍‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩිහිටියනට පානීය ජලය සහ සැහැල්ලූ ආහාරපානාදියෙන් සංග‍‍්‍රහ කරන අයුරු නිරීක්ෂණය විය. නමුත් අනුරාධපුර තඹුත්තේගම ප‍‍්‍රාදේශීය ලේකම් කොටසෙන් රැුගෙන ආ වැඩිහිටියන්ට ඇල්වතුරවත් ලබාදීමට කිසිවකු සිටියේ නැත. අන් ප‍‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වැඩිහිටියන්ට ඒ කොට්ඨාසවලින් පැමිණි සමාජ සේවා නිලධාරීන් සංග‍‍්‍රහ කරන අයුරු දක්නට ලැබුණු බව 428 තිස්පනේපුර, තුලානේ පදිංචි ආර්.එම්. පේ‍‍්‍රමරත්න මහතා පැවසීය.

තඹුත්තේගමින් පැමිණි පුද්ගලයන් ගැන බලන්න කිසිවකු නොසිටි බව 412 තුලාන හුරීගස්වැව පදිංචි එච්. සිරිසේන වැඩිහිටියා පැවසීය. තවදුරටත් කතා කළ සිරිසේන මහතා මෙසේ කීය. අප දවල් 12 සිට පැමිණ මෙම සල්ගාදු පිට්ටනියේ වේලි වේලි වතුරත් නැතිව කියන දේවල් අසාගෙන සිටියා. පස්වරු 5ට පමණ මෙම උත්සවය හමාරවුණා. එදින මහ වැස්ස තිබුණා. රාතී‍්‍ර ආහාරවේල ලබාගන්න වැස්සේ තෙමි තෙමි සිටියා. අපට ආහාරවේල ලැබුණේ රාත‍්‍රි 8ට පමණ. අප ගම් ගෙවල්වලට එන විට රාති 10.00ය පමණ වුණා. අපට බාරකාරයකු එව්වත් ඔහු දුටුවේ නැහැ. මින් ඉදිරියට මෙවැනි ගමන්යෑමට අපි අදහස් කරන්නේ නෑ. සිදුවූ දේවල් දැන කනගාටුයි.

තඹුත්තේගම- සී.එම්. ආරියපාල

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles