Divaina - වවුනියාවේ ආරක්‍ෂාව දැඩි කෙරේ

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

sri lanka

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p19 1යුද හමුදාව හා පොලිසිය විසින් වවුනියාව නගරය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ආරක්ෂාව දැඩි කොට තිබේ.

මාර්ග කීපයක පරීක්ෂා කිරීමේ මුර කපොලූ‍ යළි ආරම්භ කොට ඇති අතර වවුනියාවේ වැදගත් ස්ථාන සියල්ලකටම ආරක්ෂාව සපයමින් පළාතේ ආරක්ෂාව දැඩි කොට තිබේ.

යුද හමුදාවේ හා පොලිසියේ මෙම ආරක්ෂක වැඩ පිළිවෙළට අමතර ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය ද වවුනියාවේ ආරක්ෂක කටයුතුවලට සහය වී සිටිති.

පොලිස් විශේෂ කාර්ය බළකායේ යතුරුපැදි ඒකකය 7 වැනිදා සිට නිරන්තරයෙන්ම වවුනියාව නගරය හා තදාසන්න ප‍්‍රදේශවල පැය විසිහතර පුරාම සෝදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මක කොට තිබේ.

පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරයට සමාන ප‍්‍රහාරයක් යළි එල්ල විය හැකි බවට පළවූ වාර්තාවලින් පසුව වවුනියාව පුරා මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කර තිබේ.

දිනසේන රතුගමගේ

sikuru


අද දිවයින

සිනමා කලා

mariyon

නවලිය

antik

දියග

diya

මීවිත

isa

More Articles