Divaina - සිව් හැවිරිදි දැරිය පන්සලට ගෙනත් දමා භාරකාරයන් පැන ගිහිල්ලා’’’

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිමි පුද්ගලයකු විසින් සිව් හැවිරිදි දැරියක් ඊයේ (08 දා) දහවල් ඉමදුව, මායාකඩුව විහාරස්ථානය තුළ දමාගොස් ඇති බැව් ඉමදුව පොලිසිය පවසයි. මෙම දැරිවියගේ සීයා මෙකී විහාරස්ථානයේ නැවතී සිටින අතර නාඳුනන පුද්ගලයා විසින් දැරිය විහාරස්ථානය තුළ නතර කොට ගොස් ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙම දැරියගේ මව ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.

ඇය මායාකඩුව ප‍්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුව තැනැත්තියකි. ඇය මීට කලකට ඉහතදී සැමියාගෙන් වෙන්වී ඇති බවද පොලිසිය පවසයි. ඇයට දරුවන් දෙදෙනකු සිටින අතර දැරිය සීයා ළඟ නතරකොට ඇය කාර් රථයෙන් පැමිණි අය සමග යන්නට ඇති බවට පොලිසිය සැකකරයි. දැරියගේ

සීයා 68 හැවිරිදි වියේ පසුවන අයෙකු වන අතර දැරියගේ ආරක්ෂාව සඳහා ඇය පොලිස් භාරයට ගෙන ඇත.

භාරකාරත්වය සහ ආරක්ෂාවක් නොමැති නිසා දැරිය අද (10 දා) පරිවාස නිලධාරීන් හරහා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි. මෙකී දැරියගේ මව පිළිබඳව මෙන්ම අනික් දරුවා ගැන ඉමදුව පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කොට ඇත. ඉමදුව පොලිස් ස්ථානාධිපති උපුල් කුමාර හා ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරින් විසින් පරීක්ෂණ පවත්වති.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි - ගාල්ල

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles