Divaina - බිරින්ඳෑවරු දෙදෙනෙක් තිදරු පියාගේ මෘත ශරීරය ඉල්ලති

top banner

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

CareerMe Divaina

delta

- නීත්‍යානුකූල බිරිඳට සිරුර භාරදීමට  අධිකරණයෙන් නියෝග

බහු විවාහයක් කරගෙන සිටි 72 හැවිරිදි තිදරු පියෙකු නාන කාමරයේ දී පය ලිස්සා වැටීමෙන් පසුව මියයෑම නිසා ඔහුගේ මෘත දේහය ලබා ගැනීමට බිරින්ඳෑවරු දෙදෙනෙකු ඉදිරිපත් වී තිබේ’

මෙය විසඳා ගැනීම සඳහා කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඞ් අශ්රොෆ් රූමි මහතා බිරින්ඳ ෑවරුන් දෙදෙනාට කහවත්ත උසාවියෙන් නියෝගයක් රැගෙන එන ලෙස ප‍්‍රකාශ කිරීමෙන් පසුව එය රැගෙන ආ නීත්‍යානුකූල බිරිඳට මෘත ශරීරය භාරදී තිබේ’

මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර දිසාවේ කහවත්තේ” ඇල්ලගෙවත්ත පදිංචිව සිටි මාරගල වීරසිංහ තිලකරත්න අවු’ 72 වියැති විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරීවරයෙකි’ මෙහිදී සාක්ෂි දුන් නීත්‍යානුකූල බිරිඳ වන එදිරිසූරිය මොහොට්ටිගේ චන්ද්‍රා කාන්ති (52) අංක 208/6 දරන ඇල්ලගෙවත්ත - කහවත්ත යන ලිපිනයේ පදිංචි අය සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය’

මියගොස් ඇත්තේ තමාගේ නීත්‍යානුකූල සැමියා බවත් 1988 වර්ෂයේ සැමියා සමග විවාහ වූ බවය’ ඔහුට දාව දරුවන් දෙදෙනකු සිටින බවත් පැවසුවාය’ මා විවාහ කර ගැනීමට පෙර 1986 වර්ෂයේ දී මහත්තයා වෙනත් විවාහයක් කර ගෙන පසුව එම විවාහය අතහැර දමා තිබුණා’ අතහැර දමා සිටි විවාහයේ දරුවෙක් සිටිනවා’ ඇය දෙහිවල ඉග්නේෂන් මාවතේ පදිංචිව සිටිනවා’

මහත්තයා සැප්තැම්බර් 22 වැනිදා නාන කාමරයේ දී පය ලිස්සා වැටුණා’ පසුව කහවත්ත මූලික රෝහලටත් ඊට පසු කොළඹ ජාතික රෝහල වෙතත් මාරු කළා’ එහි ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔක්තෝබර් 2 දා මිය ගියා යැයි කියා සිටියාය’

පසුව ප‍්‍රථම විවාහයේ මව හා දරුවා ඉදිරිපත් වී මෘත දේහය ලබා ගැනීමට උත්සාහ කළා’ අනතුරුව උසාවි නියෝගයක් රැගෙන ආවා’ අදාළ නියෝගය කහවත්ත උසාවියෙන් නිකුත් කළා’ යැයි පැවසුවාය’

ඒ අනුව නීත්‍යානුකූලව විවාහක බිරිඳට දේහය ලබාදීමට කටයුතු කරන මෙන් මරණ පරීක්‍ෂකවරයා සඳහන් කළේය’

දෙහි ඕවිට - ඩබ්’ එම්’ තිලකරත්න

sikuru


අද දිවයින

සිනමා කලා

man246

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

natasa250

More Articles