Divaina - දුමින්ද සහ ගෝඨාභය දුමින්දගේ නිවසේදී හමුවෙති

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

P1 4ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද දිසානායක මහතාගේ නිවස වෙත ඊයේ (09 දා) පෙරවරුවේ ගොස් ඒ මහතා මුණ ගැසී තිබේ.

දුමින්ද දිසානායක මහතා විසින් ජනාධිපතිධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිගැනීමෙන් අනතුරුව දෙදෙනා සුහද පිළිසඳරක නිරත වූහ.

එහිදී දෙදෙනා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා කොට ඇති අතර, එහිදී දුමින්ද දිසානායක මහතා පැවසුවේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ සියලූ ඡුන්ද ලබාදෙමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අනුරාධපුර දිස්ත‍්‍රික්කය වැඩි ඡුන්ද එක්ලක්‍ෂ පනස් දහසකින් ජයග‍්‍රහණය කරවන බවයි.

ඒ අවස්ථාවේ දුමින්ද දිසානායක මහතාගේ නිවසේ පාක්‍ෂිකයින් විශාල පිරිසක්ද පැමිණ සිටි අතර ඔවුන් සමගද ගෝඨාභය මහතා සුහද පිළිසඳරක නිරත විය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන වීරකුමාර දිසානායක, එස්. එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, දිලූම් අමුණුගම, හිටපු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද, ඩබ්. බී. ඒකනායක යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ක‍්‍රියාකාරීහු රැසක් පැමිණ සිටියහ.

අනුරාධපුර විශේෂ -  පර්සි කුරුනේරු

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles