Divaina - ස්පා ආයතනයකට විරුද්ධ වූ පාසල් සිසුවකුට පාසල තුළදීම පහරදීලා

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

365x90 SI

divaina banner new

gotathanks19

×

අවවාදයයි

4a4f10539fa8bf544a9d80d81d19223a.css මකාදැමීම අසමත් විය
6af3c37a42e6e2081889d2c9bc5120e8.js මකාදැමීම අසමත් විය

p1 6වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් දිවයිනේ ප‍්‍රධාන පෙළේ පාසලක 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සිව්දෙනකු විසින් එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන තවත් සිසුවෙකුට ස්පා ආයතනයකට එරෙහිව කතා කළ බව කියමින් පාසල තුළදීම පහරදීම සම්බන්ධයෙන් මේ මස 08 වන දින වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. පහරකෑමට ලක් වූ සිසුවා දැනට දංකොටුව රෝහලේ ප‍්‍රතිකාර ලබන බව ද වෙන්නප්පුව පොලිසියෙන් වාර්තා වේ. මෙම පහරකෑමට ලක්ව ඇති සිසුවාගේ දෙමාපියෝ මාධ්‍යයට මෙසේ පැවසූහ.

බෝලවත්ත වයික්කාල ප‍්‍රදේශයේ ස්පා ආයතනයක් ඉතා රහසිගතව පවත්වාගෙන යන අයෙකු හා සම්බන්ධ සිද්ධියක් මුල් කරගෙනයි මෙම පහරදීම සිදුවී ඇත්තේ. එම ස්පා ආයතන හිමියා අසරණ පාසල් දරුවන්ගේ ඡුායාරූප ලබා ගෙන ඔවුන්ව රහසිගත අන්දමින් එම නීති විරෝධී කටයුතුවලට හවුල්කර ගැනීම දිගුකලක සිට සිදුවූවක් වන නමුත් ඔහුට එරෙහිව රටේ නීතිය මෙතෙක් හරිහැටි ක‍්‍රියාවට නංවා නැහැ. එම පුද්ගලයා විසින් මගේ දරුවා වෙත ලබාදුන් ඇමතුම් හා ස්පා ආයතනයට හවුල්කර ගැනීමට කළ බලපෑම් අප සතුව තිබෙනවා. රටේ නීතිය කාටත් පොදුවන නමුත් එම පුද්ගලයා දේශපාලන බලපෑම් කරමින් සිසුන්ව බිය ගන්වා මෙම කටයුතුවලටත් මත්කුඩුවලට දරුවන් ඇබ්බැහි කිරීමටත් දිගින් දිගටම පියවර ගන්නවා.

මෙම සිද්ධිය සම්බන්ධව මාධ්‍ය මගින් වෙන්නප්පුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂ නීතිඥ චම්ලි කුරුකුලසූරිය මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවසීය. මෙම සිද්ධිය ඇත්තක්. පහරකෑමට ලක්වූ සිසුවා දැනට දංකොටුව රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. එසේම මෙම පහරදීම සිදුකළ සිසුන් සම්බන්ධව එම විදුහලේ විදුහල්පති පියනම ප‍්‍රමුඛ ආචාර්ය මණ්ඩලය එක්ව එම සිසුන්ගේ දෙමාපියන් දැනටමත් පාසලට කැඳවා අභ්‍යන්තරව විනය පරීක්‍ෂණ පවත්වාගෙන යනවා. මේ සම්බන්ධව මේ මස 08 වන දින පොලිසියට පැමිණිලිකර ඇති නිසා පොලිසිය මගින් ද අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව කිව යුතුයි.

කිරිමැටියාන - ඇන්ටනි රෝස්

sikuru


අද දිවයින

සිනමා කලා

sub250

නවලිය

aascharya250

දියග

sanaks250

මීවිත

mahesiya250

More Articles