Divaina - පාසල් ළමුන් ප‍්‍රවාහනය කළ බස් රථය ප‍්‍රපාතයට පෙරළීමෙන් සිසු සිසුවියන් විසිදෙනකුට තුවාල

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina 365x90 SI

adv2020

P16 2හැටන් ප‍්‍රදේශයේ ජාත්‍යන්තතර පාසලක සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන බස් රථයක් ඊයේ (08 දා) පස්වරු 3.00 ට පමණ හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජ වත්ත ප‍්‍රදේශයෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප‍්‍රපාතයට පෙරළී තිබේ.
 
 බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ එහි පාසල් ළමුන් 28 සහ දෙමව්පියන් සිව් දෙනෙක් ගමන් කර තිබේ.
 
 රෝහල් ගත කළ සිසු සිසුවියන් 28 දෙනෙකුගෙන් 20 දෙනෙකු පමණ නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර සෙසු අය බාහිර රෝගි අංශයෙන් ප‍්‍රතිකාර ලබා ගිය බව පොලිසිය පවසයි. අවුරුදු 6 සිට අවුරුදු 15 දක්වා පිරිමි සහ ගැහැණු ළමුන් අනතුරෙන් තුවාල ලබා ඇත.
 
 එම සිසුන්ගේ තත්ත්වයද බරපතල නොවන බව පොලිසිය කියයි. ධාවනය වෙමින් තිබු බස් රථය ඉදිරියට ප‍්‍රතිවිරුද්ධ දිසාවෙන් වෑන් රථයක් ඉදිරියට ධාවනය වු බවත්, වෑන් රථයට ඉඩ ලබා දීමට යෑමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබේ. බස් රථය අනතුරට පත් ස්ථානයේ මාර්ගය පටු නිසා එම ස්ථානයේ මීට ප‍්‍රථම අනතුරු කිහිපයක් සිදු වී ඇත. අනතුරෙන් බස් රථයේ රියදුරාද සුළු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
 
 ජායාරූප හා සටහන - නුවරඑළිය නාලක රත්නායක

sikuru


අද දිවයින

සිනමා කලා

samini250

නවලිය

sesadr

දියග

op250

මීවිත

gamya250

More Articles